Print this Article


පහන් සිතක කවි

මෙහෙණි සසුන

ලොවී ලොව්තුරු අපේ
සම්මා සම්බුදු රදුන් ගේ
සුළු මව් ලෙසට සිටියේ
මහා ප්‍රජාපතී ගෝතමී

මෙහෙණි සසුන පිහිටුවන්නට
වෙහෙස දැරූ සුළු මෑණියන්ගේ
ඉල්ලීම පරිදි අද වන්
දිනෙක ඇති විය මෙහෙණි සස්න


බිනර පෝයදා

ශාක්‍ය කුමරියන් පන්සීයක් සමඟින්
ප්‍රජාපතී මහ දේවිය ඇවිදින්
අෂ්ඨ ගරු ධර්මය පිළි ගනිමින්
මෙහෙණි සසුන ඇති කෙරුවා දිනමින්


මෑණියනි

බුදු සසුන රැකේවා
සඟ පරපුර වැඩි වේවා
රණවිරු දරුවන් රැකේවා
ලක්මෑණී දිනෙන් දින දියුණු වේවා

දුක සිත තුළ දරන් මගේ අම්මේ
මට සතුටු වෙන්න කියලා දුන් අම්මේ
මා ලොව රජෙකු කරන්නට වෙහෙසුන අම්මේ
ඔබේ ගුණ කඳ ලොව පැතිරේවා මගේ අම්මේ


බුද්ධ මාතා

ගරු දම් අටක් පිළිගෙන සුරකින සොඳට
හැකිනම්, උපසම්පදා දෙමි සුළු මවට
සමිඳුනි ආනන්ද පවසනු මෙය ඇයට
ඇය බුදු මවක් වූවා, බුදු පරපුරට

පොරවා කසාවත් කිණිහිරි මල් පාට
දිගු වරලස කපා හිස මුඩුකර සොඳට
පා ගමනින් වඩින මෙහෙණින් පෙරටු කොට
තෙරණිය ප්‍රජාපති බුදු මාතාය සෙට