Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

නාවල කොස්වත්ත ධර්ම නිකේතනාරාම විහාරවාසී යටියල්ලතොට සුමනරතන හිමියන්ගේ 28 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ ගිහි කල අධ්‍යාපනය ලැබූ බුත්තල මො/යුදගනාව මහා විදුහලේ පුස්තකාලය සඳහා සුමනරතන හිමියන් විසින් රචිත “සිංහල සාහිත්‍යය පණ දුන් ජාතියේ නියමුවෝ” නමැති ග්‍රන්ථය පරිත්‍යාගය හා පුස්තකාලය සඳහා අවශ්‍ය ආසන 40 ක ප්‍රමාණයක් ද පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිණි. එම විදුහලේ ආචාර්ය වැල්ලවායේ සුධම්ම හිමියෝ මූලික ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු විදුහල්පති ආර්.පී. සේනාධීර මහතා, පොඩිමැණිකේ ගුරුමාතාව හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද එහිදී අදහස් දැක්වූහ. එම අවස්ථාවට විදුහලේ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ, සුමනරතන හිමියන්ගේ පියාණන් වන ජී.ජී.මාර්ටින් මහතා ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ. පසුව සුමනරතන හිමියන් යුදගනාව විදුහලේ හිටපු විදුහල්පති අමරදාස හේරත් මහතාට ද සිහිවටන පළකයක් පිරිනැමූ අතර වැල්ලවායේ සුධම්ම හිමියන්ට හා ආචාරිණී පොඩි මැණිකේ ගුරුමෑණියන්ට ද සුමනරතන හිමියන් විසින් සිහිවටන පිරිනමන ලදී.