Print this Article


හබරණ ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතනයේ කොත් වහන්සේ නිරාවරණය 6 වනදා

හබරණ ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතනයේ කොත් වහන්සේ නිරාවරණය 6 වනදා

හබරණ දඹුල්ල පාර ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතන විහාරස්ථානයේ අභිනව සෑ රදුන් වහන්සේගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමියන්ගේ සුරතින් මෙම මස 6 වනදා සිදු කෙරේ.

එම පුණ්‍ය මහෝත්සවයට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනා හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි අනු නා හිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නාහිමි, දිවුලන්කඩවල ශ්‍රී ධීරානන්ද නාහිමි, සේනාධීරයාගම චන්දජෝති නාහිමි ඇතුළු පූජනීය මහ සඟරුවන සහ අමාත්‍ය පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගිවීමට නියමිත ය.