Print this Article


සදහම් අරණ

බුදුරජාණන් වහන්සේ

ද්‍රෝණ නම් බමුණාට මිනිසුන්ගේ අංග ලක්ෂණ බලා ඔවුන් හඳුනා ගැනීමට හැකියාවක් තිබුණි. දිනක් ඔහුට පිය සටහන් පෙළක් දක්නට ලැබිණි. නමුත් එම පා සටහන් කිනම් කෙනෙකුගේ දැයි ඔහුට හඳුනා ගැනීමට නොහැකි විය. ඔහු එම පිය සටහන් දිගේ ඉදිරියට ගමන් කළේ ය. එවිට ඔහුට දක්නට ලැබුණේ ගසක් මුල වැඩ සිටින අප භාග්‍යවතුන් වහන්සේ ය. ඔහු මීට පෙර බුදුන් වහන්සේ දැක නො තිබිණි. ද්‍රෝණ බමුණා බුදුරදුන්ගෙන් මෙසේ විමසී ය. “ඔබ දෙවියෙක් ද? ගාන්ධර්වයෙක් ද? යක්ෂයෙක් ද? නැත්නම් මනුෂ්‍යයෙක් ද? “එවිට බුදුන් වහ්නසේ” බමුණ, ඔබ පැවසූ අය තුළ රාගාදී කෙලෙසුන් ඇත. නමුත් මම ඒවා දුරු කළෙමි. එනිසා මම බුද්ධ වෙමි” යි පැවසී ය. මෙයින් පිළිබිඹු වන්නේ උන්වහන්සේගේ පද්මාකාර ජීවිතය යි. එනම්, නෙළුම් මලක් මඩෙහි හට ගත්ත ද, මඩෙන් පෝෂණය වුව ද, මඩෙන් උඩට මතුවී ඇත. මඩෙන් උඩට මතුවී ලෝකයක් සුවඳවත් කරන්නේ ය. එසේම බුදුන් වහන්සේත් රාගාදී කෙලෙසුන් මැද ඉපිද ඒවා දුරුකොට ලෝකය සුවඳවත් කරන්නේ ය.


මිනිසත් බව

පින් නො කළැකි කාල අටකි, මිනිසත් බව ලැබුම දුකකි
බුදු සසුනක් ලැබුම දුරකි, පින් නොකළොත් අපා දුකකි
මරණය අත හැරිය නොහැකි තනිවම යා යුතු ගමනකි
දස අකුසල් වලින් වැළකි, සිටියොත් ලත් මොක් සුවයකි

ලෝබ දෝස මෝහ නසා, මුනිබණ නුවණින් අසා
දන් සිල් බවුන් නොඅලසා, වඩව් නිවන ම උදෙසා
දස පින් කිරිය විමසා සිත කය වචන සකසා
ලෝ දහම නො නසා තුටුවන්න ලොව සනසා


මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය

භික්ෂුණී ශාසනයෙහි පළමුව පැවිදිව රහත් වූ, බුද්ධ මාතාව නමින් ප්‍රකට මහා ප්‍රජාපතී ගෝතමී චරිතය කාන්තා ලෝකයට ආදර්ශයකි. සිදුහත් කුමරු ඉපිද සත් දිනකට පසු මහාමායා දේවිය කළුරිය කළ බැවින් ඕ තොමෝ සිය කුසින් උපන් නන්ද කුමරු කිරි මව්වරුන්ට දී, සිදුහත් කුමරු පෝෂණය කිරීමට තරම් කාරුණික වූවා ය.

බුදුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කොට දෙවැනි දින රාජ මාලිගාවේ දී දේශනා කළ බණ අසා ඕ සෝවාන් වූවා ය. රාහුල කුමරු, නන්ද කුමරු පැවිද්දෙන් පසු හා සුදොවුන් රජුගේ අභාවයෙන් පසු මහා ප්‍රජාපතිය හුදෙකලා වූවා ය. පසුව පැවිදි වූ රාජකුමාරයන්ගේ කුල කාන්තාවන් පන්සියය සමඟ බුදුරදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියා ය. නමුත් එම ඉල්ලීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. දෙවැනි තෙවැනි වරටත් පැවිද්ද ඉල්ලූ නමුත් ප්‍රතික්ෂේප කළහ. පසුව ප්‍රජාපතී ගෝතමිය ඇතුළු රාජ කුමාරිකාවන් පැවිදි වෙස් ගෙන පා ගමනින්ම එහි ගියහ. අවසානයේ ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීමෙන් බුදුරදුන් පැන වූ අෂ්ට ගරු ධර්ම පිළිගත් ප්‍රජාපතියට එයම මහණ උපසම්පදාව විය.

එකසිය විසි වියට පිවිසි මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණි තොමෝ පිරිනිවන් පෑමට පෙර බුදුරදුන් වැඳීමට ගියා ය. එහි දී ඕ තොමෝ අතීත ආත්මවල වැදූ මව වූ අයුරු ද, මේ ආත්මයේ වැදූ මව නො වූවත් කිරි පොවා රූප කාය වැඩූ අයුරු ද කීවා ය. බුදු සිරිපා අන්තිම වරට වැඳ ගත්තා ය. විහාරයට වැඩම කළ ප්‍රජාපතී තෙරණිය පසු පස බුදුහු, භික්ෂු සංඝයා සමග විහාරයේ දොරටුව දක්වා වැඩියහ. මෙය බුදුරදුන්ගේ එකම පසු ගමන විය.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

අප රටේ වසර 17 ක් රජකම් කළ මෙතුමා ශ්‍රී ලංකාවේ අවසන් රජතුමා ය. එතුමාගේ මුල් නම කන්නසාමි විය. ඉංගී‍්‍රසින්ගෙන් සිංහලයා බේරා ගැනීම රජුගෙන් කෙමෙන් කෙමෙන් ගිලිහී ගියේ ය. තමන්ට රජකමට පත්වීමට උදව් උපකාර කළ පිළිමතලාවේ දිසාවේ, ඇහැලේපොළ දරු පවුල හා ලෙව්කේ දිසාව වැනි අය විනාශ කිරීම මෙම රජුගේ විනාශයට මුල් වූ බව කියැවේ. 1815 දි ඉංගී‍්‍රසි හමුදාවේ සිරකරුවෙක් බවට පත්විය. ඉංගී‍්‍රසින්ගේ සිරකරුවකු වශයෙන් ජීවත්ව සිටියදී ඉන්දියාවේ වෙල්ලෝරාවේ දී 1832 දී අභාවප්‍රාප්ත විය.


ඛේමා රහත් තෙරණිය

දඹදිව බිම්බිසාර රජුගේ අග මෙහෙසිය ඛේමාවයි. බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේ ඉතා ගෞරවයෙන් ඇසුරු කළේ ය. දානය පූජා කළේ ය. රජතුමා වේළුවනාරාමයට නිතරම ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පුදා, දහම් අසා පැමිණෙයි. නමුත් ඛේමා බිසව රූපයට මත්ව බුදුරදුන් දැකීමට යාම ප්‍රතික්ෂේප කරයි. දිනක් වේළුවනාරාමයේ අලංකාරයට කැමැතිව ඇය එහි සිරි නරඹන්නට ගියා ය. එදා භාග්‍යවතුන් වහන්සේ මිහිරි හඬින් දම් දෙසමින් වැඩ සිටි සේක. උන්වහන්සේ ඛේමාට පමණක් පෙනෙන පරිදි ඉතා රූමත් කාන්තාවක් පවන් සලන ආකාරය මවන ලදහ. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට එම කාන්තාව මහලු වී ඇද වැටුණාය. තමන් ද මේ අයුරින් ජරාවට පත්වන බව ඇයට වැටහිණි. පැවිදි වූ ඇය රහත් ඵලයට පත් වූවාය.


උත්සාහයේ වටිනාකම

උත්සාහවන්තයා ජය ගනී කියා කියමනක් ඇත. ජීවත්වන විට අපට බොහෝ දේ කිරීමට ඇත. ඒ සෑම දෙයක් ම කළ යුත්තේ උත්සාහයෙනි. යම් දෙයක් අමාරු කියා එය අතහැර දැමීම නො කළ යුතු ය. උත්සහාය දියුණුවේ මාවත යි. උත්සාහය නො මැතිනම් අපගේ අනාගතය අඳුරු වේ. යම් දෙයක් කිරීමට ගොස් එය වැරදුනහොත් එය නැවත නැවතත් කර උත්සාහයෙන් ජය ගත යුතුයි. මෙවර පන්තියේ පළමුවැනියා වීමට උත්සාහ කළ යුතුයි. උත්සාහය නොමැතිව කිසිවක් කළ නො හැකි මෙන්ම උත්සාහ කළොත් ඕනෑම දෙයක් ජයගත හැකි ය.


කීකරු වෙමු

ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන් සැලකිළි අසුන් පුදකර

ගුරුන් සිත නොරි දනු
කීකරු කමින් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක් නිතර පවතිනු


කීකරු වෙමු

ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන් සැලකිළි අසුන් පුදකර

ගුරුන් සිත නොරි දනු
කීකරු කමින් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක් නිතර පවතිනු


ළමා සමාජයේ සාමාජිකයෝ

551 රන්මුදුවැව සමිතධම්ම හිමි
01 වන ශ්‍රේණිය
විද්‍යාරතන මූලික පිරිවෙන – හබරාදූව

552 කලවැල්ගල මුදිතධම්ම හිමි
01 වන ශ්‍රේණිය
විද්‍යාරතන මූලික පිරිවෙන – හබරාදූව

553 පොල්හේනේ අරියධම්ම හිමි
05 වන ශ්‍රේණිය
විද්‍යාරතන මූලික පිරිවෙන – හබරාදූව

554 ඉඳුවර දුල්ශාන්
08 වන ශ්‍රේණිය
මෛත්‍රී ධර්මායතනය -

555 ගවිරු හසරංග ජයසිංහ
01 වන ශ්‍රේණිය
සුචරිත දහම් පාසල – රාගම


පණ වගෙයි මට

මගේ ආගම – මගේ ජාතිය
මගේ දීපය – පණ වගෙයි මට. . .

මගේ පන්සල – මගේ පාසල
මා උපන් බිම – පණ වගෙයි මට. . .

මගේ ගුරුවරු - මගේ නෑයෝ
මගේ යාළුවො - පණ වගෙයි මට. . .


ලස්සන විලක්


ධම්මදස්සි තිලක හිමි
මූලික වසර
ප්‍රඥානන්ද මහ පිරිවෙන මහරගම

 


අපේ දහම් පාසල


අනුහස් උමයංග
මූලික වසර
ශී ප්‍රඥානන්ද මහ පිරිවෙන මහරගම