Print this Article


කහතුඩුව සෞඛ්‍ය සායනය නන්දනාරාමයේ දී 31 වනදා දවස පුරා

කහතුඩුව සෞඛ්‍ය සායනය නන්දනාරාමයේ දී 31 වනදා දවස පුරා


කහතුඩුව පරිසර මිතුරු හවුල සංවිධානය කරන සෞඛ්‍ය සායනය, ලේ දන්දීමේ පින්කම ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන 31 වැනිදා පෙරවරු 8 සිට දවස පුරා කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දී පැවැත්වේ. දේශීය වෛද්‍ය සායනය, දන්ත සායනය, ඇස් පරික්ෂා කිරීම හා ඇස් කන්නාඩි ලබාදීම ආදී සමාජ සත්කාරක වැඩසටහන් රැසක් රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වය ඇතිව එහිදී සිදු කෙරේ.

කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති ශාස්ත්‍රපති කහතුඩුවේ විමලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහය ඇතිව පවත්වන එම ප්‍රජා සත්කාර වැඩසටහන අවසානයේ ඩෙංගු මර්දනය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ.