Print this Article


කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ

කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ

දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් 08 වෙනි දා


බුද්ධ ශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි 2019 සමස්ත ලංකා දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා කටාන, මීගමුව ප්‍රාදේශීය මණ්ඩලයේ ඇගයීම් මාලාව සැප්තැම්බර් මස 08 වෙනි ඉරු දින පෙරවරු 8.00 සිට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික විදුහලේ දී කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සහ කටාන ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එච්.එච්.ආර්.කිරිඇල්ල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම සිසු නිපුණතා ඇගයීම් මාලාව සඳහා ප්‍රායෝගික දැනුම 01 සහ 02 ශ්‍රේණි සඳහා ද, පද්‍ය හා ගාථා ගායනා 01 ශ්‍රේණියේ සිට 06 ශ්‍රේණිය දක්වාද, දහම් දැනුම 03 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ද, ගද්‍ය රචනා 07 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ද, කථික 07 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වාද. චිත්‍ර ප්‍රාථමික , කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ අංශ සඳහා ද, පාලි පද්‍ය ගායනා 07 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වාද, මව්පිය ගුණ ගායනා කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ සඳහා ද ඇගයීම් පැවැත්වේ.

මේ සඳහා කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල් 54 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2200 කට අධික පිරිසක් සහභාගිවන අතර එදින ම ජයග්‍රාහී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට ද කටයුතු සලසා ඇත.

ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම එදින පස්වරු 4.00 ට විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර එහි මුලසුන හොබවනු ලබන්නේ කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රවේදී කෝවින්නේ නිමලතිස්ස නාහිමිපාණන් වහන්සේ විසිනි. එම අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ උසස් නිලධාරි රැසක් ආරාධනා ලැබ සිටිති.