Print this Article


මකුලෑවේ විමල නා හිමි ජන්ම සමරුවදා පින්කම්

මකුලෑවේ විමල නා හිමි ජන්ම සමරුවදා පින්කම්

මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල මහා ස්වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවෙනි ජන්ම දිනය නිමිත්තෙන් අගෝස්තු 25 දින ආශිර්වාද මහා පින්කමක් විද්‍යාවාස පිරිවෙන් විහාරයේ දී පැවැත්වේ. උදේ 09.00 සිට පස්වරු 3.00 දක්වා ලේ දන්දීමේ පින්කම හා පැල බෙදාදීම විද්‍යාවාස සමාජසේවා සංගමයේ සංවිධායකත්වයෙන් ද එදින පස්වරු 4.00 සිට සූවිසි මහා බුද්ධ පූජා පින්කමක් හා විශේෂ ධර්ම දේශනාවක් කෝරළයාගම සරණතිස්ස හිමියන් විසින් පවත්වනු ලැබේ.