Print this Article


සෙංකඩගල සිරි දළදා මාලිගය

සෙංකඩගල සිරි දළදා මාලිගය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ


උළුවස්ස මුදුණේ ඇති මකර රූප අපේ ශිල්පීන්ගේ දක්ෂතාවය මතුකරලන්නකි. දෙපස දොරටුපාල රූප දෙකකි.මීළඟට අඹරාව හෙවත් උමගය තුළින් ගමන් කළ විට පිවිසෙන්නේ හේවිසි මණ්ඩපයට යි.

නරේන්ද්‍රසිංහ රජු විසින් සාදවන ලද දෙමහලකින් යුක්ත මන්දිරය මෙහිදී දැකිය හැකි ය. පහතින් ඇති මාලය පල්ලෙමාල නමි. දළදා කරඬුව තැන්පත් කර තිබෙන ඉහළ මාලයට නම් දෙකකි. උඩමාලේ යනු එකකි. වැඩහිටින මාලිගය යනු අනෙක් නමයි. පත්තිරිප්පුවේ දකුණු පසට වන්නට ඇත්තේ අගනා පළි¼ගු බුදු පිළිමයක් තැන්පත් කර ඇති ‘අරමුදල්ගෙය යි. හේවිසි මණ්ඩපයේ සිට උඩට නැගෙන පියගැට පෙළවල් කෙළවර වන්නේ පිරිත් මණ්ඩපයෙනි. තවත් පියගැට පෙළක් වැඩසිටින මාලිගයේ පහත මාලයේ සිට ඉහළ මාලය දක්වා වෙයි. එම පහතමාලය කුටි දෙකකි. එකක් දිග්ගෙය යි. අනෙක මහ අරමුදල ය.

ඉහළ මාලයේ කුටි තුනකි. ගන්ධකුටියක හෙවත් විහාර මන්දිරයක හැඩහුරුකම දරන පළමුවන හා දෙවැනි ඒවා හැඳින්වෙන්නේ “හඳුන්කුඩම” නාමයෙනි. ඇතැම් අවස්ථාවල පළමුවැනි කාමරය තුළ .

දළදා වහන්සේ “වැඩසිටින මාලිගාව“ තුන් වැන්නය. මෙහි ඇති දොර රාමු, ඇන්දත් කැටයමින් විසිතුරු වේ. අනර්ග වූ මාණික්‍යයන් ඔබ්බවනු ලැබූ රන් කරඬුව හතකින් දළදා වහන්සේට ආවරණය හා ආරක්ෂාව සැපයේ. (කන්ද උඩරට මහනුවර – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 90-95 -1989 මධ්‍යම සංස්කෘතික අරමුදල කොළඹ)

1998 ජනවාරි 25 වැනිදා ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙම දළදා මාලිගයට එල්ල වූයෙන් ලංකාවේ පමණක් නොව ලෝක බෞද්ධ ජනතාවගේ හදවත් සසල විය. දළදා වහන්සේ ආශ්චර්යජනක ලෙසින් ආරක්ෂා වූයේ ය. තව ද වෙස්වලා ගෙන පැමිණි ආශිර්වාදයක් මෙන් දළදා මාලිගාවේ මුඛ මණ්ඩලයේ පිපිරීගිය බිත්තිවලට නව ආලෝකයක් ලැබිණ. එම චිත්‍ර නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලයට අයත් ය. වර්තමාන දළදා මාලිගය ප්‍රථමයෙන් කරවන ලද්දේ එම රජතුමා විසිනි. මේ වැදගත් අනාවරණය කීර්ති ශ්‍රී රාජසිංහ කාලයට පෙර පවා මහනුවර යුගයේ චිත්‍ර පැවැති බවට සාධක ඉදිරිපත් කරන්නකි. මෙම තොරතුරු මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක මහතා විසින් ලියන ලද ඉහත සඳහන් ග්‍රන්ථයේ පිටු අංක ඔඪඪඪ හි සඳහන් වේ.

එකල දළදා මාලිගයේ දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න මහතා ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා ය. බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත් කොටස් නැවත සංරක්ෂණය සඳහා එම ආයතන වල ප්‍රධානීන් මෙන්ම කාර්ය මණ්ඩල ද ඇප කැපවී ක්‍රියා කළහ.