[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චණ්ඩාලි විමාන වර්ණනාව

චණ්ඩාලි විමාන වර්ණනාව

භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ රජගහනුවර වාසය කරන සේක.

සිරිත් පරිදි මෙදින අලුයම ලොව බලා වදාරන වේලෙහි, රජගහ නුවර ම එක් සැඩොල් ගෙදරක, ආයුෂ ගෙවී ගිය, නිරයට යා හැකි කර්මයක එළඹ සිටි එක්තරා මහලු සැඩොල් කතක් දුටු සේක. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හිතානුකම්පා සිතින් ඇයලවා ස්වර්ගයට යා හැකි පින්කමක් කරවා, එයින් ඇයගේ නිරය ගමන වළක්වාලන්නෙමි’යි සිතා මහත් වු භික්ෂු සමූහයක් සමඟ එදින රජගහ නුවර පිඬු පිණිස වැඩි සේක්හ.

එකල්හි සැරයටියක් ආධාර කොට ගෙන නිවෙසින් නික්ම නුවරට එමින් සිටි ඒ ස්ත්‍රිය පැමිණෙන්නා වු බුදුරජාණන් වහන්සේ දැක නතර වූවා ය.

භාග්‍යවතුන් වහන්සේ ද වැඩම කළෝ ඇය ඉදිරියට පැමිණ වැඩ සිටි සේක් හ. මෙහ ිදී භික්ෂූන් වහන්සේ අතර සිටි මුගලන් අරහත් මහ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිත ද, සැඩොල් ස්ත්‍රියගේ ආයුෂ පිරිහී යාම ද දැන, ඇය ලවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරවීම සඳහා බුදු ගුණ ගයමින් ඇයගේ ආයුෂ අවසන් බව ද දක්වමින් ඇයට සංවේගය උපදවමින් බුදුරජාණන් වහන්සේ වැන්දවීම සඳහා ඇය මෙහයවූහ. ඕ තොමෝ ද මුගලන් මහරහතන් වහන්සේගේ වදන අසා සංවේගයට පත්ව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගෙන පසඟ පිහිටුවා ශී‍්‍ර පා වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිකරගත් වූ පී‍්‍රතියෙන් එකඟ කරගත් සිත් ඇති ව සිටියා ය.

භාග්‍යවතුන් වහන්සේ ද මැයට ස්වර්ග සම්පත් ලැබීමට මෙය ප්‍රමාණවත් යයි දැන භික්ෂූන් වහන්සේ සමඟ ඉදිරියට වැඩම කළ සේක්හ. එකෙණෙහි ම බියට පත්ව දිව යන්නා වූ එක් ගවදෙනක් අයැට අණින ලදුව ඇයගේ දිවි තොරවී ය.

බුදුරජාණන් වහන්සේ එතැනින් නික්ම ගොස් සිටියත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සන්සුන් සිත් ඇති ව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මෙන් ම නමස්කාර කරමින් සිටියා වූ ඇයගේ මෙලොව චුතියත් සමඟ ම තව්තිසා දෙව්ලොව පිරිවර අප්සරාවෝ ලක්ෂයක් ඇති විමානයක පහළ වී ය. තාම මෙසේ පහළ වීමේ හේතු දැනගත් මේ දේවතාවිය විමානයත් සමඟම විත් මුගලන් මහ රහතන් වහන්සේ වෙත එළඹ වඳිමින් ඉහත ගාථාවන් හි දක්වා ඇති පරිදි කටයුතු කොට නැවැත දෙව්ලොවට ම ගියා ය. පසුව මෙම පුවත මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ට දන්වන ලදුව එය අර්ථෝත්පත්ති කොට රැස්ව සිටි ජනයාට කළ ධර්ම දේශනාව අසා බොහෝ ජනයා ඵලදායි වූවෝ ය.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]