[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුසල අකුසල අරමුණු

කුසල අකුසල අරමුණු

ජීවිතයේ දී අපගේ අරමුණුවලට ගමන් කිරීමට නම් ඒ අරමුණු ශක්තිමත් කර ගැනීමට නම් මනස ශක්තිමත්ව පවත්වා ගත යුතු යි. අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ඒ දරුවාගේ අධ්‍යාපනික අරමුණුවලට යාම සඳහා ශක්තිමත් සිතක් තිබිය යුතු යි. ප්‍රබල මානසික ශක්තියක් තිබේ නම් තමාගේ අරමුණ වෙත ළඟා වන්නට හැකියාව පවතිනවා.

ලෝකයේ වෙසෙන ඇතැම් අය පුදුම තරම් දියුණුවක් ලබන අතර, ඇතැමෙක් කැලයට පිපි මලක් මෙනි. කැලයේ පිපෙන මල් කැලයේ ම පරවී යන්නේ කිසිවෙක් නොදැනයි. එසේ නම්, ලොවටම වටිනාකමක් පවතින ජීවිතයක් වඩා වටිනවාදැයි සිතා බලන්න. සමහර අය ඉතා දක්ෂ වන අතර, ඇතැම් අයෙකුට එසේ දක්ෂ විය නොහැකි යි. එසේ නම් මීට හේතුව කුමක්දැයි විමසා බැලිය යුතුයි. අප යම් අරමුණකට හිත සකස් කර ගත යුත්තේ කෙසේද? කඹයක් රැගෙන දෙදෙනකු දෙපැත්තට ඇද්දහොත් එය කුමන පැත්තකට යනවාදැයි සිතා බලන්න. වැඩි ශක්තියක් පවතින දෙයට එය ඇදී යයි. මේ ලෝකයෙහි වෙසෙන අය කොටස් සතරකට බෙදා ගත හැකිවෙයි. ඒ දළ වශයෙනි. එය උදාහරණයකින් මෙසේ කල්පනා කර බලමු. නිවස තුළට පත්තෑ පැටියෙකු පැමිණි විට සමහර අයෙකුට එන සිතිවිල්ලක් නම් ඒ සත්වයා මරණයට පත් කළ යුතුය යන්න ය. ඔහුගේ සිතට මැරිය යුතුය යන චේතනාව පමණක් ම පැමිණේ.

තවත් සමහර අය ඒ සත්වයා මරණයට පත් කළ යුතුයි යන්න සිතුවත්, මරණයට පත්වීමට පෙර වධ දීමෙන් ඕජස් ගලාවි. නැතිනම්, කෘමි සතුන් ඇදගෙන යාවි යනුවෙන් අවිහිංසක හැඟීම් ගලා ඒ.

මරණයට පත් කළ යුතුයි යන හැඟීම අකුසලයකි. එ සත්ත්වයා මරණයෙන් වළකාගත යුතුය යන හැඟීම කුසලයකි. එසේ නම් කුසල් අකුසල් සිතිවිලි දෙකම පහළ වේ.

ඊට පෙර කී තැනැත්තාට අරමුණු වූයේ අකුසලය පමණි. දෙවැනි තැනැත්තාට කුසල් අකුසල් දෙකම පැමිණේ. එහෙත් ඒ තැනැත්තා අර සත්ත්වයා ඝාතනය නොකරයි. අපට සමහර අවස්ථාවක යම් තැනැත්තෙකුට බැණ වැදිය යුතුයි, කියා සිතුනත්, එසේ නොකළ යුතුයැයි මොහොතකින් සිතට අදහස් ගලා එයි. අවසානයේ දොස් කියන වෙලාවක් පැමිණේ. සමහර විට බලවත් වරදක් තමා කරන්නෙම නැතැයි සිතනු ලැබේ. එය අත්හැරිය යුතුමයි සිතනු ලැබේ. මත්වතුර බොන තැනැත්තකු එය කවදාවත්ම සිදු නොකරන්නට කල්පනා කළත්, සමහර විට එය කඩවීයාමට ඉඩ ඇත. ඒ තමයි පෙර සඳහන් කළ ආකාරයට කඹයක් අදිනවා හා වැනි ය. වැරැද්දක් සිදු කරන දෙසටත් , එසේ සිදු නොකරන දෙසටත් අපේ සිත ඇදීයාම සිදු වේ.

සමහර දරුවෙක් අද රාත්‍රී දොළහ දක්වාම නැතිනම් හෙට උදෑසන දක්වාම නිදිවරාගෙන පාඩම් කරනවා යැයි සිතා ඊට සූදානම් වෙයි. එහෙත් වෙනත් අරමුණකට සිත ඇදීයාමට ද ඉඩ ඇත. රූපවාහිනිය නරඹන විට සාලයේ සිටින අය දුටුවහොත් දැන් පාඩම් කරනවාද? නැතහොත් රූපවාහානිය නරඹනවාද? යනුවෙන් සිතිවිල්ලක් ගලා එයි.

මෙසේ දෙවන කණ්ඩායමට කුසල් සිතිවිලිත්, අකුසල් සිතිවිලිත් දෙකම හට ගනී. එහෙත් ක්‍රියාත්මක වනුයේ අකුසල් සිතිවිලි ය.

තෙවන කණ්ඩායම නම් පත්තෑ පැටියා දකින විට විෂ සර්පයෙක් යැයි සිතා මරණයට පත් කළ යුතුය යන අදහසක් පවතී. එසේ මරණයට පත් කළ යුතුයැයි සිතුනත්, මරණයට පත් නොකරති. එබඳු තැනැත්තාගේ කුසල් සිත ක්‍රියාත්මක භාවයට ගමන් කරනු ලැබේ.

සිව්වන කණ්ඩායම නම් පත්තෑ පැටියා කෑවොත් විෂයි. මොනවා දැනගෙන ආවද කියා ඒ සත්ත්වයාටත්, නොදැනුවත්ව මෙන් පැත්තකට ඉවත් කරනු ලැබේ. මරණ සිතිවිල්ලක් පහළ වන්නේම නැත. එය පහසුවෙන් ම සිදු කරනු ලැබේ.

ඉන් කවර කණ්ඩායමකට තමන් අයත් වන්නේ දැයි සිතා බලන්න. එසේ පත්තෑ සිද්ධිය පමණක් නොව සෑම සිද්ධියක දී ම මෙම කණ්ඩායම් හතරෙන් එක් කණ්ඩායමකට අයත් වේ.

මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වනතුරු සත්ත්ව ඝාතනය පාපයක් ලෙස සිතිවිලි පහළ වනු නොලැබේ. පාපය දැනගෙන සිතිවිලි දෙකම ඉපදී පාපය ක්‍රියාත්මක වන අවස්ථා බෞද්ධයන් තුළ පවතී. පාපය, පාපයක් ලෙස දැන ගත්තත් එය සිදුකිරීමට පෙළඹෙති. අන්න ඒ සීමාවෙන් ඔබ්බට ගොස් දැනගත් දේ තුළ ඉන් එහාට කළ යුතු දෙයක් ද පවතී. මට මා පාලනය නොවී වරද, වරදක් ලෙස ද දැනුනත්, වළක්වා ගත නොහැකි නම් එය හේතු ඇතිවම සිදුවන දෙයකි. එසේ නම් අප තේරුම් ගත යුතුයි අප මෙහි දී දෙවන කණ්ඩායමට නොව තෙවන කණ්ඩායමට වෙන්වීමට කල්පනා කළ යුතු යි.

එසේ වුවහොත් බොහෝ දුර යා හැකි වේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]