[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන සහ හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන ‘ දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල’ පස්වන වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයැදුම්පත් දැන් කැඳවා ඇත.

දිවියාගහ යසස්සි නාහිමිපාණන්ගේ අසූවන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ විසින් පරිත්‍යාග කළ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක (රු.525000/-) මුදලින් 2015 ජනවාරි මස 02 වන දින මෙම ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට සෑම වසරකම ‘බුදුසරණ’ පුවත්පතෙහි පල කළ මෙවැනි දැනුම් දීමක් මගින් අයැදුම්පත් කැඳවා තෝරාගනු ලබන සිසුන් වෙත මසකට රු. 2500/- බැගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරනු ලබයි.

2016 වසරේ සිසුන් අසූ දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය.

මෙම ශිෂ්‍යත්වයක් සඳහා ශිෂ්‍යත්ව පාලක මණ්ඩලය විසින් නිර්ණය කරණ ලද සුදුසුකම් වනුයේ මූලික වශයෙන් දහම් පාසල් අධ්‍යාපනය ලැබු හෝ ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ විශ්වවිද්‍යාල, කාර්මික, වෘත්තිය අධ්‍යාපනය හදාරණ ආර්ථික අතින් දුර්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය.

ඉහත සුදුසුකම් මත ශිෂ්‍යත්වයක් බලාපොරොත්තු වන අය රු. 15/- මුද්දරයක් ඇලවූ, නිවැරැදිව තම නම හා ලිපිනය ලියූ 9’ ය 4’ ප්‍රමාණයේ ලියුම් කවරයක් ලේකම්, බෞද්ධායතන දායක සභාව, වටරප්පල පාර, ගල්කිස්ස” යන ලිපිනයට 2019 සැප්තැම්බර් මස 16 වන දිනට පෙර එවීමෙන් අයැදුම්පතක් ලබාගත හැකිය.

පස්වන වරට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 2020 ජනවාරි මස 02 වන දිනට යෙදෙන දිවියාගහ යසස්සි නාහිමිපාණන්ගේ 85 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාවට සමගාමීව සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශිෂ්‍යත්ව අරමුදලේ පාලක සභාවේ ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා සඳහන් කරයි.

ආර්ථික අතින් අසරණ එහෙත් අධ්‍යාපනයේ දක්ෂතා ඇති ශ්‍රී ලාංකික බෞද්ධ දරුවෙකුට ශිෂ්‍යත්වයක් පිරිනමා පිහිටවීමට කැමති පින්වතුන් නායක ස්වාමීන් වහන්සේ (දු.ක. 0718163012) හෝ පාලක සභාවේ ලේකම් (දු.ක. 0714286207) ඇමතීමෙන් ව ැඩි විස්තර ලබාගත හැකි බවද කියයි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]