[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිලිහී යන ආමිස ප්‍රතිපදා

ගිලිහී යන ආමිස ප්‍රතිපදා

ප්‍රාග් මහින්ද යුගයෙහි බොහෝ ඇදහිලි හා විශ්වාසයන් තුළ හිඳිමින් ජනතාව කටයුතු කළ ආකාරය වංශකතා වලට අනුව තහවුරු වේ.

ඒවා අනිසි හා අනර්ථකාරි ක්‍රමවේදයන් වූ බැවින්, මිහිඳු හිමියන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූයේ ඒ මනෝභාවයන් වෙනස් කිරීමට ය. ඒ සඳහා උන්වහන්සේ උපක්‍රමශීලිව වෙහෙර– විහාර, බෝධි–මළු. පෙති – පිළිම ඇසුරු කොට ගෙන මිනිස් ආකල්ප නැවුම් මාවතකට යොමු කිරීමට උත්සුක වූ හ. පේතවත්ථු , විමානවත්ථු, බාලපණ්ඩිත, දේවදූත ආදී සූත්‍ර තුළින් උන්වහන්සේ අප රටේ ජනතාවගේ ආගමික මුහුණුවර නිසි අයුරින් සැකසූ අයුරු මනාව පිළිබිඹු වේ.

මියගිය අයට බලිතොවිල්, පුදපූජා වෙනුවට පින් දීම ක්‍රියාත්මක වූයේ යන බුදු වදනට අනුව මහින්දා ගමනයෙන් පසුව ය. විශේෂයෙන් ශ්‍රද්ධාවෙන් පෝෂිත ජනතාව ආමිෂ පූජාවට මුල්තැන දී නිරන්තරයෙන් කටයුතු කළහ. සියල්ලෝ ම ප්‍රඥාවෙන් නො දියුණු බැවින් සාමාන්‍ය ජනතාවට ආමිස පූජාවෙන් සිදුවෙන මානසික තෘප්තිය අති විශාල ය. ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ දස පුණ්‍ය ක්‍රියා ය.එනම්

තමා සතු දේ පරිත්‍යාග කිරීම, සිත,කය,වචනය සංවර කර ගැනීම, සිත යහපත් අරමුණක තබා ගැනීම. තමා කරගත් පින් අනුන්ට අනුමෝදන් කිරීම, අනුන් කළ පින් තමන් අනුමෝදන් කර ගැනීම, වත් පිළිවෙත් සිදු කිරීම, පිදිය යුත්තන් පිදීම, අනුන් යහමග යවන ධර්මය කීම, යහමග යාමට හැකිවන ධර්මය ඇසීම, වැරැදි දෙයින් හරි දේ දැකීමය.

මළගමක් , පිරිතක්, දානයක් සිදුවන ඕනෑම ස්ථානයක දී ඉහතින් සඳහන් කළ පුණ්‍යක්‍රියා සිදු වන අයුරු ඉතා පැහැදිලි ය. නමුදු එම පුණ්‍යක්‍රියා අවබෝධයෙන්, සැලකිල්ලෙන් හා ඕනෑකමින් සිදුකරන්නේ ඉතා සුළු පිරිසක් බව අපට වැටහෙන කරුණකි.

කාලීන වශයෙන් අද පින්කම්වල ද කිසිදු අඩුවක් නො මැත. පින්කම් කිරීමේ දී ප්‍රධාන වියයුත්තේ තුනුරුවන් මුල්කරගෙන ඒ මත ශ්‍රද්ධාව පිහිටුවා ගෙන, කර්ම, කර්මඵලය විශ්වාස කොට ගෙන වුවද අද බොහෝ දුරට පින්කම් ගෙවල් තුළින් ද බලාපොරොත්තු වන ආකාරයක් දැක ගන්නට ලැබේ. රාග, ද්වේශ, මෝහ වැනි අකුසල් සිතිවිලි යටපත් කරගැනීම, පින්කම් තුළින් ප්‍රධාන වශයෙන් සිදුවිය යුතු වුව ද, වර්තමානය තුළ ඇතැම්විට සිදුවන්නේ එම අකුසල මූල තව තවත් උත්සන්න වීමක් බවත් පැහැදිලිව පෙනෙන්නකි.

එදා අතීතයේ අපේ මුතුන් මිත්තන් පින්කම් කිරීමේ දී ඉතාම ගෞරවයෙන් හා සැලකිල්ලෙන් ඒවා සිදු කළහ. ඔවුන් වත් පිළිවෙත් කිරීම නිසියාකාරව සිදු කළහ.

ඒ අපේ ඉතිහාසය නිරන්තරයෙන් සිහිපත් කරගත යුතුව ඇත. සිංහලයෙක් නම් ඒ බෞද්ධයෙක් ම බව ඉතිහාසය සාක්ෂි දරන්නේ හරියට ගසට පොත්තත්, පොත්තට ගසත් සේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පැවතුන බැවිනි. සිංහල බෞද්ධයින් බොහෝ දුරට පාරම්පරිකව පැවතගෙන එන්නෝ ය. වර්තමාන යුගය වන විට ආදී මුතුන් මිත්තන් පවත්වාගෙන ආ හොඳ සිරිත් විරිත්, චාරිත්‍ර– වරිත්‍ර නො සලකා හැර දමා අමුතුම සංස්කෘතියක් ගොඩනගාගෙන හිතුමතේට ක්‍රියා කරන තත්ත්වයක් උදා වී ඇත. අපේ ප්‍රෞඪ ඉතිහාසයට අප නැවතත් පියමං කළ යුතුව ඇත. ඒ චාරිත්‍ර විධි, සංස්කෘතික ලක්ෂණ නැවත මතකයට නගා ගනිමින් ජීවිතය සාරධර්ම තුළින් පෝෂිතකර ගත යුතු පුරාණ බෞද්ධ ක්‍රමවේදයන් වර්තමාන සමාජය ද පවත්වාගෙන යමින්, අනාගත පරපුරට ද එතුළින් යහපතක් දකින්නට ඉඩ සැලැස්වීම බෞද්ධ කාගේත් වගකීම විය යුතු ය.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]