[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සුවිශේෂී පුජෝපහාර මංගල්‍යයකි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සුවිශේෂී පුජෝපහාර මංගල්‍යයකි

පරම පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වනාහි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සංකේතය වූවාක් මෙන්ම, බෞද්ධ සංස්කෘතියේ මෙන්ම සිංහල රාජ්‍යත්වයේ ද උදාර සංකේතය විය. මෙරට රජ කළ සියලු නරපතීහු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබමින්, උතුම් දළදා වහන්සේ දිවි කැප කොට සුරක්ෂා කොට අප වෙත දායාද කොට දුන්හ. එපමණක් නොව නන්විධ බුද්ධෝපස්ථාන බුදුපුද පවත්වා ලක්දෙරණින් ද පුදනු ලැබූහ. එකී මංගල සම්මත රාජපූජිත දළදා පූජෝපහාර චාරිත්‍රවිධි අතුරෙන් වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සුවිශේෂී පූජෝපහාර මංගල්‍යයක් වන්නේ ය.

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය කිතුවසින් 310 වැන්නේ අනුරපුර කිත්සිරිමෙවන් රජු දවස පටන් ආරම්භ ව අද දක්වා ම අසම්භින්නව චිරාගත සාම්ප්‍රදායික පෞරාණික චාරිත්‍ර ධර්ම අනුව ම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන උතුම් පුණ්‍යෙීත්සව මංගල්‍යයකි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ අපරිමිත ගුණ මහිමයට පූජෝපහාරය දක්වනු පිණිස පවත්වනු ලබන මෙම පෙරහර මංගල්‍යය තුළින් රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය සලසා ගැනීම පිණිස කලට වැසි ලබා ගැනීමටත්, බෞද්ධ අනන්‍යතාවය හා ශ්‍රී විභූතිය ලොවට ප්‍රදර්ශනය කර බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත කරවීමත් අපේක්ෂිත ය. මෙම උතුම් පෙරහර මංගල්‍යය මහනුවර රාජධානියේ ආරම්භයේ පටන් අද දක්වා ම අසම්භින්නව පවත්වාගෙන ඒමට ලැබීම ජාතියේ වාසනාව කි.

ලොවට සෙත් ශාන්තිය පතා සිදු කරන මෙම අසිරිමත් පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය නැරඹීම සඳහා පැමිණෙන සැදැහැති දනන්ගෙන් පරිසරයට හානි නොවන ආකාරයෙනුත්, පරිසරයේ පූජනීයත්වය රැකෙන ලෙස ත්, සංවරශීලිව ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය වන ආකාරයෙනුත් පෙරහර නරඹන ලෙස කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටිම්හ. දළදා සමිඳු සරණ යි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]