Print this Article


සූරිගම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව

සූරිගම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව

කඩවත සූරිගම ශී‍්‍ර සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව ජූලි මස 29 වනදා ආරම්භවූ අතර සැප්තැම්බර් 07 වනදා දක්වා එය පැවැත්වේ.

අගෝස්තු 12 වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා ධර්ම දේශනා පැවැත්වෙන අතර නිකිණි පෝදා දොළොස්වල උදිතධීර හිමි 15 වනදා ශාස්ත්‍රපති කොස්වත්තේ අරියවිමල හිමි 16 වනදා මිරහවත්තේ පඤ්ඤසිරි හිිමි 17 වනදා ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි 18 වනදා ශාස්ත්‍රපති බළංගොඩ රාධ හිමි 19 වනදා පදලංගල ධම්මදේව හිමි 20 වනදා සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමි, 21 වනදා මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි 22 වනදා ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.