Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ වස්සානයේ ධර්ම දේශනා

කොහුවල ධාතුමළු විහාරයේ වස්සානයේ ධර්ම දේශනා

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ වාර්ෂික වස්සාන ධර්ම දේශනා මාලාව නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වේ. ජූලි මස 17 වනදා ඇරැඹි එම පින්කම දිනපතා දින 117 ක් පුරා විහාරාධිපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. දිනපතා සවස 6 ට ගිලන්පස බුද්ධ වන්දනා පින්කම ද, රාත්‍රී 6.30 -7.30 දක්වා ධර්ම දේශනාව ද පැවැත්වේ.

ඒ අනුව අගෝස්තු 05 වනදා වතවන සිරිසුමන හිමි , 06 වනදා ශාස්ත්‍රපති කීඹියේ විජිත හිමි. 07 වනදා ශාස්ත්‍රපති මාවතවැවේ ඤාණාභිවංස හිමි 08 වනදා ශාස්ත්‍රපති කිඤ්චිගුණේ චන්දවිමල හිමි 09 වනදා ශාස්ත්‍රපති පිටිගල ධම්මවිනීත හිමි, 10 වනදා විනයාචාර්ය නෑහින්නේ අරියඤාණ හිමි, 11 වනදා දර්ශනපති වටගෙදර විමලසාර හිමි, 12 වනදා ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි , 13 වනදා උණපනේ සෝරත හිමි එම දම් දෙසුම් පවත්වති. මෙවර කඨින පින්කම කොහුවල වුඩ්ලන් මාවතේ එච්.ඩී. නන්දසේන මහතා සහ පුෂ්පා නන්දසේන මහත්මිය සහ දූ දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වේ.