Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යොත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල ඇසළ පුණ්‍යොත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙීත්සවය හා බෙල්ලන්විල පෙරහර මංගල්‍යය අගෝස්තු 8 වනදා සිට අගෝස්තු 25 වනදා දක්වා පැවැත්වේ.

බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති ව වැඩ විසූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ව වැඩ සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි ගුණ සමරුව නිමිත්තෙන් අභිනව ගුණානුස්මරණ මන්දිරය අගෝස්තු 04 වනදා විවෘත කෙරිණි.

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාව අගෝස්තු 8,9,10 යන තෙදින තුළ පැවැත්වේ. අගෝස්තු 11 වනදා සති පිරිත් දේශනාව ද, 17 වනදා දොරකඩ අස්න, දේවපූජා පෙරහර හා කුඹල් පෙරහර ද පැවැත්වේ.

අගෝස්තු 18,19,20,21 දිනවලදී මල් පෙරහර ද, 22 වනදා පාවාඩ පෙරහර ද, 23 වනදා රන්සිවි පෙරහර ද, 24 වනදා රන්දෝලි මහා පෙරහර ද, 25 වනදා දියකපන පෙරහර හා දේවදානය ද පැවැත්වේ.

බෙල්ලන්විල ඇසළ පුණ්‍යොත්සවය මෙවර පැවැත්වෙනුයේ 69 වන වරට ය.

බෙල්ලන්විල ඇසළ පෙරහර සමයේ එහි ආරක්ෂාවට විශේෂ පියවර රැසක් මෙවර යොදා ඇති අතර, පෙරහර නරඹන්නන්ගේ පහසුව සඳහා පොලිස් නිලධාරින් 1200 ක පමණ පිරිසක් ද, ත්‍රිවිධ හමුදා නිලධාරින් ද යොදවා ඇත.