Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරැල්ල, සරණපාල හිමි මාවතේ අංක 242/ඩී/3 නිවසේ පදිංචි උඩගේ ආරච්චිලාගේ සිසිර රණතුංග යන අය වකුගඩු රෝගයකින් පෙළෙන බව කොළඹ මහ රෝහලේ වකුගඩු ඒකකය මගින් දැනුම් දී ඇති බව කියයි. හැකි ඉක්මනින් ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් එය ලබාදීමට කැමැති පින්වතෙක් වේ නම් පහත දුරකතන අංකවලට අමතා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

011-2680135, 0775749582 0777364839 යන දුරකථන අංකවලට ඇමතිය හැකි බව කියයි.

****

රාගම බටුවත්ත නාරංගොඩපාළුව 575/සී ලිපිනයේ පදිංචි ඩී.ඩී. කමනි නීලකාන්ති පෙරේරා නමැත්තියගේ වකුගඩු දෙකම බරපතල රෝගී තත්වයට පත්වී ඇති බව කියයි. ඒ අනුව වෛද්‍යතුමියගේ උපදෙස් වී ඇත්තේ වෙනත් අයකුගේ වකුගඩුවක් බද්ධ කිරීම බව ද කියයි. ඒ අනුව ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව් ,ඕ නෙගටිව් යන ලේ වර්ගවල වකුගඩුවක් අවශ්‍යවී ඇති බව කියයි.

පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0112951441/0722129417 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.