Print this Article


නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත හිමියෝ කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවි ලබති

නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත හිමියෝ කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවි ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය කුරුවිට එරත්න බටතොට ආනන්ද ධම්ම විහාරාධිපති නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිරිනමා ඇත. සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගෞරව නාමය සහිත එම නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ජූලි 27 වනදා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නා හිමියන් පිළිගැනීමේ හා උපහාර දැක්වීමේ උත්සවය 29 වන දා ඉරිදා එරත්න බටතොට ආනන්ද ධම්ම විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිත ව තිබිණි.