Print this Article


අභිනික්මන් ගමන

අභිනික්මන් ගමන

පතුරා අඳුර මැඩ ආලෝකය දසත
පායයි ඇසළ සඳ සනසා මුළු දියත
අතහැර දමා හිමිවීමට තිබු විජිත
සිදුහත් නික්මුණා සෙව්මට සැප නියත

සසරේ නිසරු බව වටහා දෙන නුවණ
පිරු පාරමී බලයෙන් දැනුනා මෙදින
මොහඳුර නසා ආලෝකය දෙන හැඳින
බෝසත් තුමා යයි අභිනික්මන් ගමන