Print this Article


තිනියාවල ඤාණින්ද හිමි ලේඛකාධිකාරී ධුරයට

තිනියාවල ඤාණින්ද හිමි ලේඛකාධිකාරී ධුරයට

කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ අභිනව ප්‍රධාන ලේඛකාධිකාරි ලෙස ශාස්ත්‍රවේදී තිනියාවල ඤාණින්ද හිමියෝ පත්ව සිටිති. කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාම විහාරාධිකාරි ලෙස ද තත් විහාරස්ථ ආනන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසද, වාද්දුව සිරි මහ මිහිඳු පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙසද එදා මෙදා තුර ඤාණින්ද හිමියෝ සුවිශාල ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික සේවාවන් රැසකට නිසි නායකත්වය සපයති. උන් වහන්සේ ප්‍රධානාචාර්ය ලෙස ක්‍රියාකරන ආනන්ද දහම් පාසල නොකඩවා 12 වතාවක් කළුතර ප්‍රාදේශීය දහම් පාසල් තරඟවලින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ද සමත් විය.