Print this Article


පොත් විත්ති

ධර්ම දේශනා

කර්තෘ - පණ්ඩිත ශාස්ත්‍රවේදී අමුණුපුර පියරතන හිමි

ප්‍රකාශකයෝ - සීවලි පි‍්‍රන්ටර්ස්

විශ්වය නිර්මාණය වී ඇත්තේ ද, පවතින්නේ ද යම් හේතු උපකාරයක් නිසා සත්ව සන්තතියට හිතකර වශයෙනි. වරින්වර සිදුවන වෙනස්කම් මෙන්ම ඇතැම් ලෝක පිළිබඳ විනාශය ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විමුක්ති මාර්ගයට උපකාරයක් වන පරිදි ය. විශ්වය හා ලෝකය විවරණය කරමින් වටිනා කාලය විනාශ කිරීම බෞද්ධ දර්ශනයට අදාළ නොවන නමුත්, බුදු දහමත් ලෝක ස්වභාවයත් සමාන වන බව කර්තෘ හිමියන්ගේ අදහසයි.

ඉතාමත් සරලව, කියවීමට කැමැත්තක් ඇතිවන පරිදි ඔබ අතට පත්වන මෙම ග්‍රන්ථයේ ධර්මය හා ධර්ම ඥානය, ධර්ම දේශනාවට අවශ්‍ය කරුණු, ධර්ම දේශනාවේ හා ධර්ම ශ්‍රවණයේ ආනිශංස, සම්බුද්ධ ශාසනය පෝෂණය කළ ධර්ම දේශනාව හා ධර්ම දේශක යතිවරයන් වහන්සේලා ඇතුළු තවත් මාතෘකා කිහිපයකින් යුතුව මෙම ග්‍රන්ථය පෙළගස්වා ඇත.

 

 

 

 

****

මුල් බුදු සමයෙන් හෙළිවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය

කර්තෘ - මාන්තොට්ටම ධම්මානන්ද හිමි

ප්‍රකාශකයෝ - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රධාන වශයෙන්ම සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පදනම් කොටගෙන සැකසී ඇත. සීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව කරා ගමන් කරන ආකාරය එම ත්‍රිශික්ෂාවෙන් අනාවරණය වේ. සීල, සමාධි, ප්‍රඥා යන මේ ත්‍රිශික්ෂාව විමුක්ති මාර්ගයේ ප්‍රධානතම අංග බවට පත්වී තිබුණි. බුදුන් වහන්සේගේ ධර්මය විවෘත වූ තරමට බබළන බවත් වැසී ගිය විට නො බබළන බවත්, දේශනාවේ සඳහන් බව කර්තෘ හිමියෝ කියති. කියවීමට රුචියක් ඇතිවන පරිදි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඉතාමත් සරලව, නිවැරැදිව ඉදිරිපත් කිරීමට ධම්මානන්ද හිමියෝ සමත්ව ඇත.