Print this Article


ආරච්චිකට්ටුව - එළිවිටිය ශ්‍රී පියදස්සි දහම් පාසල

ආරච්චිකට්ටුව - එළිවිටිය ශ්‍රී පියදස්සි දහම් පාසල

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් එළිවිටිය ශ්‍රී පියදස්සි දහම් පාසල 1942 වර්ෂයේ සිට පැවත එන දහම් නිකේතනයකි.

බිංගිරියේ සාරානන්ද හිමියන්ගේ අනුශාසක-ත්වයෙන් දහම් පාසල ආරම්භ කර ඇත. ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කර ඇත්තේ එස්.ආර්.ජේම්ස් පීරිස් මහතා ය.

මෙම දහම් පාසලේ දැනට සිසු දරු දැරියන් සියයක් පමණ දහම් අධ්‍යාපනය ලබති.

ප්‍රදේශයේ උගත් බුද්ධිමත් එකළොස්දෙනෙක් නිශ්සර-ණාධ්‍යාශයෙන් දරු දැරියන්ට දහම් දැනුම ලබාදීමට ඉදිරිපත්ව සිටිති.

වත්මන් පැවිදි අනුශාසක ලෙස රත්මලේ සාරද හිමි කටයුතු කරයි. ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරනුයේ ටී.එච්.එම්. සකිලා මධුශානි මහත්මිය යි.

දහම් පාසලේ උන්නතියට සහ චිරස්ථිතියට සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, මලඟනේ අත්ථදස්සි හිමි, ආරච්චිකට්ටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති නවදන්කුලමේ මේධානන්ද නාහිමිවරුන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා නමස්කාර පූර්වකව සිහිපත් කරමු.


දහම් පාසල් අනුශාසක හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් පිරිසක්..