Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: අනර්ථයෙහි නොයෙදෙන්න

අනර්ථයෙහි නොයෙදෙන්න

මෙම ලිපියෙහි කොටසක් ඇසළ පුර අටවක පෝදා ( ජූලි 09) පත්‍රයේ පළවිය

දඩයම් කරු ධර්මයෙන් ම ජීවිතය ඉදිරියට ගෙන ගියේ ය. එහි ප්‍රතිඵලය වූයේ සැප විපාක ලැබීමයි. පුණ්‍ය බල මහිමය කරණ කොටගෙන, මෙලොව පරලොව සැප විපාකම උරුම විය. අවස්ථා කිහිපයක දී ම බණ ඇසීම නිසා අධර්මයෙන් දුරස්ථ විය. ලෝභ, ද්වේශ, මෝහ දුරස් කරගැනීමෙන් ජීවිත යථාර්ථය පසක් කර ගත්තේ ය.

දඩයම්කරුවා ආර්යය පුද්ගලයකු බවට පත් විය. පරහිිංසාවෙන්, පරපීඩනයෙන්, සත්ත්ව ඝාතනයෙන් මිදීම හේතුවෙන් බුදු සසුනෙහි උරුමක්කාරයකු විය. තමාට හමුවන පුද්ගලයා හට අවවාද අනුශාසනා කොට සුමගටම යොමු කළේ ය. බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයකු වීමෙන් හමුවන, කතාකරන තැනැත්තන්ට ආදර්ශ සම්පන්න පුද්ගලයෙක් ම විය. පාපයෙන් ඈත්වී, පිනෙන් පෝෂණය වූ මිගලුද්දකගේ ධර්ම වීර්යය දෙස බලන්න.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා ජීවත්වෙති. එයින් සමහරු අන්‍යයන්ට කරදරයක්, හිරිහැරයක් නොවන සේ ක්‍රියා කරති. ධර්මිෂ්ටව යුතුකම් ඉටු කරති. තම දූදරුවන් පවා සමාජයට පීඩාවක්, හිරිහැරයක් නොවන පරිදි යහපත් අධ්‍යාපනයක් ලබාදී සුමගට යොමු කරති. ආගමික සාරධර්මවලට අනුගත කරති. සැබවින්ම එය ප්‍රශංසාවට කරුණකි. සමාජය විසින් අගය කටයුත්තකි. එසේ යහපතට යොමුවීම තුළින්, සමාජය ඔවුන් පි‍්‍රය කරති. සමාජයට නැතිවම බැරි සාමාජිකයෝ වෙති. සමහරු සමාජයට කරදරයක් කරමින් ජීවත් වෙති.

සමාජයට පිළිලයක් සේ ක්‍රියා කරති. ඔවුනටම හිරිහැරයක් වන සේ ක්‍රියාකරති. හැසිරෙති. ඔවුන්ගේ අඹුදරුවෝ පවා සමාජයට හිරිහැර වන සේ කල්පනා කරති. ඔවුන්ගේ දරුවෝ නිසි සේ අධ්‍යාපනය නොලබති. එනිසාම ඔවුහු විපතේ වැටෙති. පව් පුරවා ගනිති. මිගලුද්දක මෙන් ඔබ ද සමාජ යහපත හා සමාජ අයහපත සිදුවන අයුරු නුවණින් විමසා දැහැමින් ජීවත්වන්න. තමාටත්, සමාජයටත් යහපත් දෙයම සිදුකර, ස්වකීය ජීවිතයට අර්ථයක් ම සිදුකරගන්න. පාපයෙන් වැළකෙන්න. පිනටම බරවන්න. අනර්ථයෙහි නොයෙදෙන්න.ආගමට, දහමට අනුව ජීවත් වී සැප විඳින්න. මෙලොව පරලොව ජීවිතය ඒ තුළින් සාර්ථක කරගන්න.