Print this Article


ගනේවත්ත ගනේවිහාරය

ගනේවත්ත ගනේවිහාරය

කුරුණෑගල හිරියාල හත්පත්තුවට හිමිවන්නේ, ඓතිහාසික වශයෙන් අද්විතීය ස්ථානයකි.

එහි එක් සාධකයක් වන්නේ, අවසාන මහරහතන් වහන්සේ ‘මලියදේව මහරහතන් වහන්සේ මෙම හත්පත්තුවට අයත් ‘අරන්කැළේ ‘සේනාසන පූජා භූමියේ එදා වැඩසිටීම යි. එම පූජා භූමියේ සිට හූවක දුරින් පිහිටා ඇති කුරුණෑගල ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මායිම්ව දැකුම්කළු තුරුලතාවන්ගෙන් පිරි භූමි ප්‍රදේශයක් වූ ඓතිහාසික ගනේවත්ත ශ්‍රී සුමංගලාරාමය අතීතයේ සිට දහම් සිසිලෙන් සිත්සතන් නිවාලූ පූජා භූමියකි.

1992 සිට වත්මන දක්වා මෙම විහාරස්ථානයේ වැඩසිටින හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙන්හි පරිවෙනාධිපතිව සිටි, ගනේවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී (අධ්‍යාපන ඩිප්ලෝමා) ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ධම්මාලෝක අටමුණේ ආනන්දාභිධාන නාහිමියන්ගෙන් එදා සිට සිදුවන සමාජ මෙහෙවර අති ශ්‍රේෂ්ඨත්වයක් උසුලයි. උන්වහන්සේ ගේ ගුරු හිමිපාණන් වහන්සේ දෙනම වූයේ අපවත් වී වදාළ ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝ නායක නවගමුවේ ධම්මාලෝක හිමියන් සහ නාගොල්ලාගම . නැගුමාලී, චේතියාරාම විහාරාධිපති කුඩම්බාවේ ධම්මානන්ද වන්නි දෙමළ හත්පත්තුවේ උප ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා ය.

අටමුණේ ආනන්ද හිමිපාණන්, මෙම විහාරස්ථානයේ වගකීම උසුලමින් බොහෝ සේ දහම් දෙසමින් ගිහි පැවිදි පිරිස හා ධර්ම සාකච්ඡා පවත්වමින්, මනා පෞරුෂත්වයකින් හෙබි, ශාසනාරක්ෂණයකින් හා ශාසන ආකර්ශණයෙන් යුතුව ආගමානුකූලව සමාජය සුමඟට යොමු කරවා සැම දන දැනුවත් කිරීමට උපන් හපන් සඟරුවනකි. පූජා භූමියේ දියුණුව අපේක්ෂාවෙන් දිවා රෑ නො බලා ක්‍රියාශීලි වන සෑම වයස් මට්ටමකම දායක, දායිකාවන් සමූහයකින් සමන්විතවීම භාග්‍යයකි. විහාරස්ථානය වටා ඇති ගම්මානයන් හි ගැමියන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය යි. පූජා භූමියේ නෙළා ඇති බුද්ධරූප සමූහයන්ගේ , නේත්‍ර පූජාවන් සැම ඇසිල්ලේ ම කුඹුරු, වතුපිටි . යාය වෙත යොමු වී තිබීමෙන් නිරන්තරයෙන් ලැබෙන්නා වූ ශාන්ත දාන්ත නේත්‍ර පූජාවන් බලමහිමය හේතුකොටගෙන යල, මහ දෙකන්නයට. ගොයමින් බත බුලතින් සරුසාර වන වග එදා සහ අද ගැමියන් ගේ ද සැදැහැවත් විශ්වාසය වී ඇත. පූජා භූමිය වටා වූ ගම්මාන වන ගනේවත්ත, ජයමාවත, නැලව, කහන, මුරුතලගම, ඉද්දගහපිටිය. කපුගේවත්ත,පන්නව ආදිය ගම්මානවල සෑම නිවසක් වෙත දුෂ්කරව පා ගමනින් වඩිමින්, ළමා ළපටින් දහම් පාසල කරා යොමු කරවාලීමට මව්පියන් දැනුවත් කරලීමත් වැඩිහිටියන් තව තවත් දහමට නැඹුරු කර ගැනීමත් ඉටු කළ සේක. අතීතයේ සැම වෙත ශාසනික ශික්ෂණයක් ඇතිකරලීමට උන්වහන්සේ ගත් යහපත් මග අදත් අවට ගම්වාසී සමස්ත වැඩිහිටියන් සිහිපත් කරන්නේ සැදැහැ සිතිනි.