Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

හීනටිකුඹුර පුරාණ විහාරස්ථ සිරි සුචරිත වර්ධන දහම් පාසලේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. සමූහ ඡායාරූපයේ වම්පස සිට දකුණු පස දක්වා ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඩී. හර්ෂිකා කලණි රත්නායක, විදුහල්පති යූ.එල්. සරත් තිලකරත්න, කෘත්‍යාධිකාරී, වරාපිටියේ අනුරුද්ධ හිමි, ප්‍රධාන ආචාර්ය වරාපිටියේ ආනන්ද හිමි, ප්‍රධාන ශිෂ්‍ය නායක සත්‍ය දිනුක පෙරේරා වේ. 

දිවුලපිටිය අකරගම ජී. මයිකල් ප්‍රනාන්දු මහතාගේ මූල්‍ය අනුග්‍රහයෙන් සාදවා සසුනට පූජා කරන ලද දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේ සූර්යෝදය දහම් පාසලේ පොසොන් ළමා පෙරහර මෙවරත් පැවැත්විණි.
විහාරාධිපති, මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ ආචාර්ය, කටුකෙන්දේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්, හා විහාරවාසී මිනුවන්කොටුවේ සුමන හිමියන්ගේ සංවිධායකත්වයෙන් මෙවර එම පෙරහර පැවැත්විණි.
දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක් මෙහි දැක්වේ.