Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මතුගම මහකළුපහන, විතානවත්ත පදිංචි 38 හැවිරිදි ඩබ්ලිව්. ඩී. අමිත ලක්සිරි මහතාට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. අවුරුදු දහයක දියණියකගේ පියකු වන ලක්සිරි මහතා ලංගම සේවකයකු වන අතර දැනට එම සේවයෙන් ද ඉවත්ව ඇති බව ද කියයි.

ලක්සිරි මහතාට ඕ වර්ගයේ හෝ බී වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් 0773124512/0344947670 හෝ 0764309876 දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

බෙන්තොට – ඇලකාක පදිංචි උසස් අධ්‍යාපනය ලබන දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන එල්.එස්. ජයසේකර මහතා දරුණු වකුගඩු අකර්මන්‍යතාවයකින් පෙළෙන බවත්, ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බවත්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ජයසේකර මහතාට අවශ්‍ය ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශිලියෙකු වේ නම් , ඒ බව 071-2347387 හෝ 071-2290261 දුරකථන අංකයන්ට දැනුම් දෙන්නැයි ඔහුගේ බිරිඳ විසින් ඉල්ලීමක් කරයි.

****

ගාල්ල, හපුගල පදිංචිව සිටි රත්නා ගුරුසිංහ නමැත්තිය විසිවන වියේ සිට ඇස් පෙනීම දුර්වල වූ අතර වම් ඇස තෙවරක් ශල්‍ය කර්මයකට භාජනය කළ ද, එය සුවපත් නොවූ බවත් ඇයගේ කටයුතු කර ගැනීමට දකුණු ඇසේ පෙනීම තරමක් පැවැති අතර එය ද දැන් අඩු වී ගොස් ඇති බවත් කියයි. අසරණ තත්වයෙන් පසුවන ඇයගේ ඇස සුවපත් කර ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව තැපැල් අංශය 511301204092 ගිණුමට ආධාර කළ හැකි බව දන්වා සිටින අතර දුරකතනය 0766818524 වේ.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා බී පොසිටිව් හෝ නෙගටිව් හෝ ඕ පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති හෙයින් ඉහත ලේ වර්ගවලට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 077 4312613 හෝ 071 5643498 හෝ 071 2440404 දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.