Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ඇසළ පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය ,06.30-7.00 උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදි රන්දිලිගම මහින්ද හිමි . 08.00-9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයානාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 09.00-10.00 ධර්ම දේශනාව හොරේකඩුවේ රතනපාල හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසි, කොලොන්නාව ටෙරස් ද සිල්වා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී , විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි,

පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 වෛද්‍ය දේශනය, 03.00-4.00 පස්වරු ධර්ම දේශනාව කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 04.00-5.00 දම්සක් පැවතුම් සූත්‍රය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 05.00-6.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00- 06.30 වස් ආරාධනා පින්කම 06.30- 07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 -08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව ඇතිමලේ සීලානන්ද හිමි.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 06.15- 07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, පනාපිටියේ විජිතනන්ද හිමි 07.30-09.45 ධර්ම දේශනාව/භාවනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00/11.15 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පූජාව මෙහෙයවීම කිතලගම නන්දසාර හිමි,

පස්වරු 01.00-02.45 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි 03.00-4.30 ධර්ම දේශනාව පිටිගල ධම්මවිනීත හිමි, 04.45-06.00 ධර්ම දේශනාව , සිල් පවාරණය හා අලුත් කිරීම, ගම්පහ මහානාම හිමි, 06.15 -07.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වු බෝධි පූජාව (පටිගත කරන ලද) 07.10-08.30 – ධර්ම දේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඇසළ පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

ශ්‍රී සම්බෝධි විහාරය

ඇසළ පෝදා පෙරවරු 5.30 - 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි. 8.00 - 9.00 ධර්ම දේශනාව දලුගම සමිතඥාන හිමි, 9.15 - 10.15 ධර්ම දේශනාව පන්නල ආනන්ද හිමි, 10.30 - 11.00 ව්‍යාංජන 108කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි. පස්වරු 12.30 - 2.00 ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මැතිතුමා. 2.00 - 3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව බඩල්කුඹුරේ අනුරුද්ධ හිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.30 - 6.00 මහා ඖෂධ පූජාව සහ සිල් පවාරණය, කොඩිකාරගොඩ සුනීත හිමි, විකාශයේ නිමාව.

****

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඇසළ පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ඇසළ පෝදා පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ඇසළ පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසි කණුබිච්චියේ රතනජෝති හිමියන් සංවිධානය කරති.

පෝදා පෙරවරු 06.00 – අටසිල් සමාදන්වීම 06.30 – බුද්ධ පූජාව, 08.00 – ධර්මදේශනාව – (අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය) දර්ශනපති වව්නියාවේ පඤ්ඤාසේකර හිමි, 09.00- ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15- ගිහි දේශනය, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහතා. 10.30- බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි.

පස්වරු 01.00 – ධර්ම දේශනාව කථිකාචාර්ය ආචාර්ය විල්ගමුවේ පියනන්ද හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 02.45 දම්සභා මණ්ඩපය , සහභාගිත්වය – දර්ශනපති වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න සහ ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහත්වරු

04.00 භාවනා වැඩසටහන , මෙහෙයවීම, ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව, මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය,

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 -7.00 සිල් සමාදන් කරවීම , අනුශාසනාව හා බුද්ධ පූජාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00-9.00 භාවනාව, මැණික්බෝවේ දීපාලෝක හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි,

පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා , 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි. 2.00-3.00 වෙසෙසි දෙසුම – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, 3.00-4.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී ඇසළ පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධිපූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක්ද පෙරවරු 6.00- පස්වරු 6.00 සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන්ද පැවැත්වේ.

පෙරවරු 8.00 සිට 9.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී වල්ගම සුමන හිමි, 9.30-10.30 දහම් දෙසුම නාවින්න ඉසිපතනාරාමවාසී පන්නිපිටියේ ජිනරතන හිමි 11.30 දවල් බුද්ධ පූජාව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 දහම් දෙසුම දම්සිසිල සඳහම් සෙනසුනෙහි කම්මට්ඨානාචාර්ය ආටිගල අමිතදේව හිමි. 2.15-3.00 ධම්මපදය 4.00-5.00 භාවනා වැඩසටහන මෙහෙයවීම දෙල්කඳ ශ්‍රී පුෂ්පාරාමවාසි කහටපිටියේ පඤ්ඤාසාර හිමි සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි.

මෙම ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.

****

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඇසළ පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

උදෑසන සිල් සමාදන් කරවීම, මල්පහන් ගිලන්පස, කිරි ආහාර පූජාවන් ද ෂඩ්වර්ණ සාඨකයක් වැඩම කර චෛත්‍යයේ පැළඳවීමද, උදේ ධර්ම දේශනාව අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් විසින් පවත්වනු ලැබේ. භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ.

පෝදා බත් දන්සල් රැසක් කිරි වෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ සමීපයේ පැවැත්වේ. ඔසුපැන් දන්සලක් ද, ඇසළ පෙරහර වෙනුවෙන් සති පිරිත් දේශනාවක් ද පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර චෛත්‍යමළුවේ සිට අෂ්ඨඵලබෝධීන් වහන්සේ වෙත පැමිණ මල්, පහන්, ගිලන්පස හා අටපිරිකර පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව බෝධි පුජාව කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. රාත්‍රී පහන් දස දහසක ආලෝක පූජාවක් කිරිවෙහෙර තුන්වන මළුවේ දී පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක මහතා ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව පින්කම් සංවිධානය කර ඇත.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 9.00 - 9.30 භාවනා වැඩ සටහන, 9.30 - 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 - 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, දවල් 12.15 - 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව, පස්වරු 1.00 - 2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 3.30 - 5.00 වස් ආරාධනා පින්කම සහ අනුශාසනා ප්‍රධාන දායකත්වය නාවින්න මහරගම පදිංචි ලලිතා සපරමාදු මහත්මිය. 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු පූජාව

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද ,තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ, ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා වැඩසටහන පැවැත්වේ.

අළුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර , 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00-10.40 ජාතක කථා දේශනය, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් අටවිසි සම්බුද්ධ පූජාව,

පස්වරු 12.30-3.00 ගිහි දේශනය, සහ භාවනාව, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ 3.15-4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 4.00-5.00 ‘මහාසමය සූත්‍ර දේශනාව ’ සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා ,5.00 සිල් පවාරණය සිදුකිරීම. 6.00-7.00 අටවිසි ගිලන්පස බෝධිපූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි. 7.00 වස් ආරාධනාව සිදුකිරීම ප්‍රධාන දායකත්වය :– කටුබැද්ද ශ්‍රී රාහුල පාරේ පදිංචි නිහාල් රණතුංග මහතා ඇතුළු පවුලේ සැම විසිනි. ‘බුදුසරණ පුවත්පත” – ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය –කටුබැද්දේ පදිංචි සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

****

කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන

ඇසළ පොහෝ දින පෙරවරු 8.00 -11.00 දක්වා භාවනා වැඩසටහන පයාගල නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. සෑම මසකම සෙනසුරාදා පෙරවරු 9.00-10.00 සූත්‍ර දේශනා (භාවනාවට අදාළව) පෙරවරු 10.00 භාවනා පුහුණුව පැවැත්වේ.

අ ැසළ පෝදින පෙරවරු සීල සමාදානය, 8-11 භාවනා පුහුණුව

පස්වරු 1.00-3.00 ධර්ම සාකච්ඡාව, පයාගල නන්ද හිමි, 3.30-4.30 වස් ආරාධනා පින්කම් ,4.30-6.00 බුද්ධ වන්දනා බෝධි පූජා පින්කම්ද පැවැත්වේ.

****

අළුකැටියවත්ත ශ්‍රී කුසලවර්ධනාරාමය

කිරිඇල්ල හැරණියාවක අළුකැටියවත්ත ශ්‍රී කුසල වර්ධනාරාමයේ විශේෂ වැඩසටහන් මාලාවක් ඇසළ පුන් පොහෝ දින සිදු කෙරේ.

උදෑසන 5.30 කිරි ආහර පූජාව සහ ගිලන්පස බුද්ධ පූජාව 7.00 සීල සමාදානය 8.00 -9.00 ධර්ම දේශනාව 9.00- 11.00 ධර්ම සාකච්ඡාව 10.00 භාවනා වැඩසටහන 11.00 සම්බුද්ධ පූජාව පස්වරුවේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව පිරිත් සජ්ඣායනා හා සවස 5.30 අටවිසි ගිලන්පස බුද්ධ පූජාව රාත්‍රී 7.00 ධර්ම දේශනාව 8.30 පිරිත් සජ්ඣායනා ආරම්භ කෙරේ.

****

මාලදෙණිය “ඇසළ සඳයි - සිල් සුවඳයි”

මීරිගම, මාලදෙණිය ශ්‍රී ශෛලකාන්තාරාම රජමහා විහාරස්ථානයේ ශ්‍රී බෝසත් දහම් පාසල, ආචාර්ය මණ්ඩලය, දහම් පාසල් සංවර්ධන සමිතිය එක්ව සංවිධානය කරනු ලබන “ඇසළ සඳයි - සිල් සුවඳයි” වාර්ෂික සීල භාවනා වැඩසටහන ඇසළ පුර පසළොස්වක පොහොය දින දවස පුරා මඩබාවිට චන්ද්‍රජෝති අනුස්මරණ ශාලාවේ දී පැවැත් වේ. ශාස්ත්‍රපති රත්කරව්වේ ධම්මජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් එදින ධර්මදේශනා, ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් ද වස් ආරාධනා පින්කමද, දහම් පාසලේ ප්‍රාථමික අංශය මගින් මල් පෙරහරක් ද ආශිර්වාද බෝධි පූජාවක් ද පැවැත් වේ.

****

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව නිග්ගහ ඤාණින්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව වලපනේ ඤාණසේන හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව වේරහැර නාගිත හිමි. රාත්‍රී 7.00 වස් ආරාධනා පින්කම.