Print this Article


ඉලුකේගම දී පින්කම්

ඉලුකේගම දී පින්කම්

කැකිරාව ඉලුකේගම ශ්‍රී මහින්දාරාමයේ දී ගල්කුලමේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකරනු ලැබූ ශාක්‍යසිංහ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය සම්බුදු සසුනට පූජා කර ශාරීරික ධාතූන් වහන්සේ තැම්පත් කර වර්ෂ 02 ක් පිරීම නිමිත්තෙන් ඇසළ මස 15, 16, 17, 18, 19 දිනවලදී පින්කම් මාලාවක් පැවැත්වේ. 15 සඳු දින (සවස 6.00 ) අසූහාරදහසක් මලින් ධාතු මන්දිරය සැරසීම ද, ස්වාමීන් වහන්සේලා 25 නමක් උදෙසා අටපිරිකර පූජාවන් හා පලතුරු පැළ ප්‍රධානය කිරීම සහ දිළිඳු පවුල් 20 කට වියළි ආහාර සළාක පිරිනැමීම ද, එදින පටන් 17 වන දන දක්වා සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ. 17 වන දා, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි. 18 වන දා කෝරළයාගම සරණතිස්ස හිමි ධර්ම දේශනා පවත්වනු ලැබේ.