Print this Article


සිරිගල පොසොන් සැදැහැ ගී වීදි සංචාරයක්

සිරිගල පොසොන් සැදැහැ ගී වීදි සංචාරයක්

නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලයේ සිරිගල සිරි සුනන්දෝදය දහම් පාසලේ වාර්ෂික පොසොන් සැදැහැ ගීත මෙවරද පොසොන් පෝදා පැවැත්විණි. දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වීමෙන් දඹදෙණිය ගම් ප්‍රදේශය සිසාරා පොසොන් බැතිගී රථය සංචාරය කෙරිණි.

පොසොන් කලාපයක්ද ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන් මහා විහාරයේදී පැවැත්වූහ. එහි පූර්ණ අනුශාසකත්වය විහාරාධිකාරි දඹදෙණිය මූලික රෝහලේ ප්‍රධාන අනුශාසක අතුරුවල ජිනානන්ද හිමියන්ගේ මග පෙන්වීමෙන් දහම්පාසලේ ප්‍රධානාචාර්ය එම්. මුතුමැණිකේ මහත්මිය හා ආචාර්ය මණ්ඩලයේද, දහම් පාසලේ සිසු කැලගේද පුරෝගාමිත්වයෙන් සිදු කෙරිණි.