Print this Article


රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ පින්කම්

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ පින්කම්

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී පුන්පොහොය දා පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන - මීගමුව ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟණ සමිතිය හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ද සංවිධානයෙන් පැවැත්වේ.

අලුයම 5.00 ට කිරි ආහාර පූජා කිරීම, උදෑසන 6.00 උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදුවේ සුමනවංස නාහිමි, 6.45 බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00 - 9.00 ධර්ම දේශනාව කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි. 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් ප්‍රියදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී, ඒ.එන්. ඉන්ද්‍රසේකර, ධර්මාචාර්ය අනුර සිරිමාන්න, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද යන මහත්වරු, 10.45 බුද්ධ පූජාව, පස්වරු 12.00 - 12.30 සක්මන් භාවනාව, 12.30 - 1.00 තෙරුවන් වන්දනාව, 1.00 - 2.00 කාව්‍යමය ධර්ම දේශනාව වනාතවිල්ලුවේ විපස්සි හිමි, 2.30 - 3.30 ධර්ම දේශනාව මුතුවාඩියේ උපසීහ නාහිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව මොණරාගල සෝමසාර හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව බෝධි පූජා පින්කම.