Print this Article


සුමේධ පදනමෙන් අනුරපුර දී මෙවරත් පින්කම්

සුමේධ පදනමෙන් අනුරපුර දී මෙවරත් පින්කම්

සුමේධ පදනම මඟින් 13 වන වරටත් පවත්වනු ලබන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්මැලි මහා සෑ රදුන් සහ ථූපාරාම සෑ රදුන් වන්දනා පින්කම් මාලාව අනුරාධපුර සිරි අභය විහාරය සහ භාවනා මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ සුමේධ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

15 වන දා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වෙත කඤ්චුක චීවර පූජා පැවැත්වීම, රුවන්වැලි මහ සෑ රදුන් වෙත අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම කඩිගමුවේ ධම්මසාර හිමියන් සහ හක්මන ධම්මරුචි හිමියන් විසිනි. දම්සක් පැවතුම් දේශනා ආදියද ඇසළ පෝදා කිරිපිඬු පූජා නෙළුම් මල් පූජා ආදිය පැවැත්වෙන අතර බැරැන්ඩිගම්පොළ හේමාවාස හිමියන් එම උදෑසන පින්කම් මෙහෙයවන අතර පෙරවරු 9 ට බුද්ධ වන්දනාව බළංගොඩ වරුණ හිමියන් විසින් පවත්වනු ලැබේ. එම පින්කමේ ප්‍රධාන දායකත්වය ප්‍රදීප් සමරනායක මහතා ඇතුළු පවුලේ පිරිස විසිනි.