Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන් ...

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන් ...

මිහින්තලා රජමහා විහාරයේ දී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉකුත් පොසොන් පෝදා පැවැත්විණි. කැලණිය චිත්තාභ්‍යාස හා සංවර්ධන පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන නාහිමියන්ගේ උපදෙස් පරිදි එම පින්කම ගෝනපිනුවල චන්දරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුබුදු මිහිඳු හිමි කළගුණ සැලකීමේ සෑය ඉදිකිරීමේ පුණ්‍ය සේවා කමිටුෙවේ සභාපති මහසෙන් භාවනා මධ්‍යස්ථානයේ උඩුගම්පල ධම්මානන්ද හිමි, ඇතිමලේ ඤාණවිසුද්ධි හිමි හා සුදත් රෝහණ, පී.ජී. දිනේෂ්, රංජිත් අබේවර්ධන, කාන්ත ජයසිංහ, රුවන් ධනුෂ්ක, දිනේෂ් පොන්සේකා, වාණගුරු මෑණියෝ, එච්.හේමා මංගලිකා යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් මෙවර සිදු කෙරිණි.