Print this Article


පිච්ච මල් පූජා මහෝත්සවය 27 දා අනුරාධපුර දී

පිච්ච මල් පූජා මහෝත්සවය 27 දා අනුරාධපුර දී

කොළඹ, බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම වාර්ෂිකව සංවිධානය කරන ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය 30 වෙනි වරටත් ජූලි 27 වන සෙනසුරාදා සවස සිදු කිරීමට නියමිත ය. ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකිත්ති හිමියන්ගේ මග පෙන්වීම පරිදි ශාන්ති පදනම පිච්ච මල් පූජා කමිටුව මෙවර පුණ්‍ය මහෝත්සවය ඉතා ගෞරවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, අනුරාධපුර දිසාපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් මෙවර පින්කම පැවැත්වෙන අතර පිච්ච මල් රැගත් පෙරහර ජූලි 27 දා සවස 2.00 ට ථූපාරාමය අභියසින් පිටත්වීමට නියමිත අතර එදින සවස 6.00 වනවිට උඩමළුවේ වන්දනා කටයුතු නිමාවන අතර එදින රාත්‍රී පෙරහර ලෝවාමහා පාය අභියසින් රාත්‍රී 8.00 ට ආරම්භ වනු ඇත. පෙරහර නිම වීමෙන් අනතුරුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව රුවන්මැලි මහා සෑ මළුවේදී පැවැත්වේ. ජූලි 28 වන ඉරිදා එනම් පසුදින උදේ 6.00 ට කිරි පිඬු බුද්ධ පූජාව හා පලතුරු පූජාව පැවැත්වෙනු ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මළු ලබාදීම එදින උදේ 9.00 ට සිදු කෙරේ.