Print this Article


පහන් සිතක කවි

නිවන් මග සොයන්...

සසර ගමනෙහි කෙළවර ජීවිතයෙන් සමු ගැනීමද
ගිහි ගෙයි කළ කිරීම ජීවිතයේ සුගතියට ද
නොකියාම එදා ඇසළ සඳට හොරෙන් ගියේ මන්ද
රජ සැප හැරදා ගිය නිසා මුල් ම දවස අඳුරක් ද

කපිල වස්තු පුරයම දුකෙන් හඬයි කුමරු නැති සොවින්
අවිදු අඳුර දුරලා කම් සැප හැර දමා යන්නට ගියෙන්
යශෝධරාවන් හඬා වැළපුණා හිමි නැති දුකෙන්
දුක දුරලන්න හිමි ගියා සොඳුරු නිවන් මග සොයන්

****

ඇසළ පුන් පොහෝ දා

සක්විති රාජ සම්පත්
පිනැති රූබර දේවි බිම්බා
සමඟ කිරිකැටි පුතු ද රාහුල
අතැර සම්බුදු පදවි පතමින්
කළේ අභිනික්මන් ද සිදුහත්
මහා බෝසත් ඇසළ පෝදා
බරණැස ඉසිපතන පින්බිම
සවණක් බුදු රැසින් නහවා
එදා පස්වග තවුස් හමුවේ
මඟුල් දම් දේශනා කළහයි
ඇසළ මස පුන් පෝ දිනේ

****

සඳක් තනිවී

මල් පිපිලා සුවඳ හමනා මඳ සුළඟින්
ඇසුණා ළඳරු කට හඬ රන්මිණි නදකින්
සිදුහත් - යශෝධරා මව්පිය වූ පුවතින්
ජය ඝෝෂා ඇසුණි රජ මැදුරේ සතුටින්

දෙන්නට බැරි වුණත් ලේ කිරි කර රසට
පිය පදවිය ලැබූවිට ඇතිවන සතුට
කුමරුනි, ඔබට නොදැනී ගියෙ කිම සිතට
ඉපදීමත් දුකක් බව වැටහුණ දැ’යි සසරේ පිනට

****

ඇසළ දහම් සිලෝ

දම්සක් පැවැත් සුතුර දේශනයෙන් මේ පෝදා
දෙව මේ කියා පස් තවුස් අමතා ගොයුම් ගොත්
කොණ්ඩඤ්ඤ චක්ඛු උදපාදි ලැබී උදපාදී
සෙට්ඨට්ඨ පුග්ගල සඟුන් මැව්වා මුනින්දා