Print this Article


සාමණේර නවක භික්ෂූන් වහන්සේ සඳහා ශිෂ්‍යාධාර 25 නමකට

සාමණේර නවක භික්ෂූන් වහන්සේ සඳහා ශිෂ්‍යාධාර 25 නමකට

කැලණිය හිඹුටුවැල්ගොඩ. සුදර්ශන මාවතේ, අංක 738/1, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ආරම්භ කරන ලද චිත්තාභ්‍යාස ද්විභාෂා මූලික පිරිවෙනට සාමණේර නවක භික්ෂූන් වහන්සේලා 25 නමක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක් යටතේ නේවාසික පහසුකම්, සිව්පසය , සිංහල /ඉංගී‍්‍රසි මාධ්‍ය පිරිවෙන් විෂය ධාරාව, ජපන්,චීන, කොරියන් ආදී විදේශ භාෂා පුහුණුව, නව තාක්ෂණය යටතේ පරිගණක පුහුණුව හා පිරිත් , ධර්මදේශනා , භාවනාව ඇතුළත් ආගමික දැනුම, ප්‍රායෝගික පුහුණු කිරීම ධර්ම, විනයධර මහතෙරුන් වහන්සේලා යටතේ ලබා දෙනු ලබන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියෝ සඳහන් කරති.

ඒ පිළිබඳ විස්තර 0714485496 යන දුරකතනය මගින් දැන ගැනීමට හැකි බවද සඳහන් කරයි.