Print this Article


පහන් සිතක කවි

අපේ පොඩි හාමුදුරුවෝ

අපේ හිත් පොඩි පහන් කරමින්
පුරා පිළිවෙත් ඉගෙන ගනිමින්
ලබා අධිසිල් වැඩම කරමින්
දහම් දෙසුවෝ අපට මැනවින්

****

මෙත් සිත

පස් පව් සැම සිතින් සැමගේ දුරු වේවා
අටසිල් ලබාගෙන සැම සිත් පිබි දේවා
අකුසල අප සිතින් සැමදා දුරු වේවා
ජීවත් වන අපට මෙත් සිත ඇති වේවා

****

හදවත් පහන් වුණි...

අරලිය මලින් පිරි අම්බස්තලා වේ
වෙහෙසක් නොම දැණුනි කිසිවිට විඩා වේ
හමනා සිසිල් පවනින් ගත මුවා වේ
හදවත් පහන් වුණි සදහම් ගුහා වේ

****

තේජස

සීල තේජසින් දිලෙනා බුදු සමිඳු
ගුණ තේජසින් නිති දිළෙනා බුදු සමිඳු
ඥාන තේජසින් අගවූ බුදු සමිඳු
පුණ්‍ය තේජසින් නිති හෙබි බුදු සමිඳු

ධර්ම තේජසින් බැබළෙන බුදු සමිඳු
තේජස් වූවන්’තර අගතැන් බුදු සමිඳු
මෙ සියල් තේජසින් පිරිපුන් බුදු සමිඳු
සාධු සාධු බුදු සමිඳුට නිති වඳිමු

****

පිළිවෙත් මඟට

භගවත් සුගත ගුණ කඳ හද සිසිල වෙලා
අදටත් හෙටත් මතුවත් සිත ඔකඳ කළා
සිරිමත් තිලොව ගුරු හිමි දෙසූ දහම බලා
දිරිමත් කරමි සිත පිළිවෙත් මඟට වෙලා

****

අකුසලයෙන් තොරවූ ලොවක්

කුසලින් පිරි හදක්
ලොවට සෙත සලසයි නම්
ඔබට අපට සැපතකි
බුදු සමිඳුගේ නිවන