Print this Article


පොත් විත්ති

වෙල්ගම් වෙහෙර සහ මානාවතු නුවර

කර්තෘ - අම්පිටියේ සීලවංසතිස්ස හිමි.
ප්‍රකාශකයෝ - වෙල්ගම් රජමහා විහාර සංවර්ධන සමිතිය

නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වෙල්ගම් වෙහෙර ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන අතර ඇති විශේෂ ස්ථානයකි. අතීතයේ දී මෙරට ආක්‍රමණය කළ විදේශිකයින් විසින් බෞද්ධ වෙහෙර විහාර විනාශකර දැමූ අතර, තවත් බොහෝ පූජනීය ස්ථාන කොල්ලකන ලදී. ඒ අතීත තොරතුරු පිළිබඳව සෙනරත් පරණවිතාන ශූරීන් ලිපි ලේඛන ලියා තිබුණ ද, ඒ තොරතුරු සාමාන්‍ය ජනතාවට දැක ගැනීමට අවස්ථාවන් නො ලද බවද කතුවරයා කියයි. මෙම විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු, වර්තමාන තොරතුරු, කලාත්මක නිර්මාණ සහ තවත් මාතෘකා කිහිපයක් ඔස්සේ මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත.