Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: සියලු සත්ත්වයෝ දණ්ඩනයට බියවෙති

සියලු සත්ත්වයෝ දණ්ඩනයට බියවෙති

මිගලුද්දක නම් දඩයම්කරුවා හිංසාවෙන් හා පරපණ නැසීමෙන් වැළකී ගිය ආකාරය සද්ධර්මාලංකාරය ඇසුරෙණි.

පසුගිය කාලයේ ගෙවී ගියේ පොසොන් පොහොයයි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එම පුන්පොහෝ දිනයේ ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කළ සේක. අන්‍යයාගේ ජීවිතවලට සැපත සාදන ආකාරයත්, දුකින් මිදිය යුතු ආකාරයත්, සෑම ජීවිතයකටම දයාව, කරුණාව ,මෛත්‍රිය දැක්විය යුතු ආකාරයත්, පාලකයාගේ සිට පැහැදිලි කර දුන්හ. උක්ත කරුණ තුළින් ධර්ම දායාදයේ ඇති මහඟු වටිනාකම පසක් වෙයි. මේ ලෝකයෙහි සෑම අයෙකුටම වඩා අපි අපගේ ජීවිතවලට ආදරය ඇත්තෙමු. වෙනත් තැනැත්තන්ට වඩා ආශා කරන්නෙමු. සිත ආරක්ෂා කරන්නෙමු. සිත පෝෂණය කරන්නෙමු. අන්‍යයෝ ද තම තමන්ගේ ජීවිතවලට ආදරය ඇල්ම ඇත්තෝ ය. උසස් යැයි කතාකරන මිනිස් සත්ත්වයන් පමණක් නොව, පහත් යැයි සම්මත ජීවින් ද එසේ ය. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
නහන්‍යෙය නඝාතයේ

යනුවෙන් සෑම සත්ත්වයෙක්ම හිංසාවට, පීඩනයට, මරණයට අතිශයින්ම බිය බවත්, තමන් ආදර්ශයට, උපමාවට ගෙන අන්‍යයාගේ ජීවිතවලට හිංසා පීඩා නොකළ යුතු බවත්, පරපණ නොනැසිය යුතු බවත් දේශනා කළ සේක.

සද්ධර්මාලංකාරය නමැති ග්‍රන්ථයෙහි ඈත අතීතයේ ජීවත් වූ මිගලුද්දක නම් අන්‍යයාට හිංසා කරන, සතුන් දඩයම් කරමින් ජීවත්වන කෲර මිනිසකු පිළිබඳව සඳහන් වේ. එකල සිඛී නම්, සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ දානශීලාදී සියලු බුද්ධකාරකාදී ධර්මයන් සම්පූර්ණ කොට බුදු වී දෙවි, මිනිසුන් සහිත සත්ත්වයන්ට ධර්මය නමැති අගනා රුවන්වැසි වස්සමින් ජරා, මරණාදී, දුක් නිවමින් නිවන්පුර තුන්ලෝකයට නැංවූ අසහාය ප්‍රදීපයක් මෙන් බැබළෙමින්, නොයෙක් ගස් ඇති පුෂ්ප ජාතීන් හා, නොයෙක් පලතුරු වර්ග ඇති, සිංහ, වලස් හා මොනරාදී සතුන්ගෙන් හෙබි, වන ගහනය වූ සුන්දර පර්වතයෙහි වැඩ වසන සේක. මේ අතර එක් අවස්ථාවක දිව්‍ය, බ්‍රහ්මාදී පිරිස බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනාකොට වාඩිවූහ. සර්වඥයන් වහන්සේ ද, අමා වැසි වස්සමින් දම් දෙසුම ආරම්භ කළහ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස ඇසළ පුර අටවක පෝදා (ජූලි 09 ) පත්‍රයේ පළවේ.