Print this Article


මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවෙන්...

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවෙන්...

පනස් හත්වන වරටත් පැවැත් වූ මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ දෙවන දිනය වූ පොසොන් පොහෝදා (16) ආලෝක පූජාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී සිදු විය. මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැති එම අවස්ථාවට ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, රවී කරුණානායක, පී.හැරිසන්, ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු විධායක නිලධාරීහු රැසක් ද සහභාගි වූහ.
පනස් හත්වන (57) වරටත් තෙදිනක් පුරා පැවැත්වූ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පසුගියදා (17) අවසන් විය. පසුගියදා (17) මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මිහින්තලා මැදමළුවේ දී පොසොන් කමිටු සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආලෝක පූජා පුණ්‍ය උත්සවය විවෘත කෙරුණු අයුරු.

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයේ පළමු දින වූ පසුගිය දා (15) මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී ආලෝක පූජාව විවෘත කෙරිණි. උත්සවය අනුරාධපුර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඇතුළු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙහිදී අනුශාසනාවක් ද පැවැත්වුහ.

ඡායාරූප - අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක