Print this Article


ගිහි ගෙදරට දහම් වැටක් : ධර්මය තිබිය යුත්තේ තමා තුළමය

ධර්මය තිබිය යුත්තේ තමා තුළමය

අනාගතය පිළිබඳව සිහින මවාගෙන කටයුතු කිරීමෙන් පුද්ගලයාට ලැබිය හැකි යහපත අවම බව බුදුදහම පැහැදිලි කර දෙයි. මෙලොව යහපත්, අර්ථවත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු තුළ වෛරී සිතිවිලි පැවතිය යුතු නැත. ලෝභ. ද්වේෂ, මෝහ අකුසල් ඉවත් කර ගත යුතු ය . එවැනි ආකාරයේ සිතිවිලි සිතට නැගුණ සැණින් කුමන හේතුවක් නිසා එවැනි තත්වයට පත්වුණා ද? යන වග මැනවින් සිතිය යුතු ය.එවිට හේතුව වැටහෙනු ඇත. ධර්මය යනු එයයි. ධර්මය ඇත්තේ තමා තුළ ය.

එක් කලෙක කොසොල් රට සැරිසරමින් සිටි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමඟම කාලාමයන්ගේ කේසපුත්ත නමැති විසල් නුවරට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයකු තමාගේ නුවරට වැඩම කිරීම පිළිබඳව කාලාමවරු බොහෝ සතුටට පත්වූහ. බුදුරජාණන් වහන්සේට මහත් ගරුසරුව වැඳ නමස්කාර කළ කාලාමවරු බුදුරජාණන් වහන්සේ වට කොට බිම වාඩි වූ හ. ඒ අතර සිටි එක් කාලාමයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසී ය.

“බුදුහාමුදුරුවනේ, අපේ ගම හරි විශාලයිනේ. ඒ නිසා මේ ගමට නොයෙක් මහණ බමුණන් පැමිණෙනවා. නමුත් ඒ හැම දෙනාම තමන්ගේ ධර්මය නිවැරැදි ලෙසත්, අන්‍ය ඒවා වැරැදි ලෙසත් පිළිගන්න යැයි අපට කියා දෙනවා. මෙසේ කියන නිසා ම හරි කවුද? වැරැදි කවුද? කියා අපට තේරුම් ගන්න බැහැ.

ඇත්ත කියන්නේ කවුද? මුසා කියන්නේ කවුදැ’යි අප සිත තුළ පහළ වන ලෝභය ඔහුගේ යහපත පිණිස පවතිනවා ද? නැත්නම් අයහපත පිණිස පවතිනවාද?

කාලාමවරු – ස්වාමීනි, ලෝභය මිනිසාගේ යහපත පිණිස වන්නේ නැහැ. එය ඔහුගේ අයහපත පිණිස පවතිනවා.

බුදුරජාණන් වහන්සේ – ලෝභී පුද්ගලයා ලෝභයෙන් මැඬුණේ බොහෝ අකුසල් කරයි. සතුන් මරයි. සොරකම් කරයි. පර ස්ත්‍රීන් කරා යයි. බොරු කියයි. අනුන් ද ඒ වැඩවල ම යොදවයි.

කාලාමවරු – එහෙමයි බුදුහාමුදුරුවනේ

බුදුරජාණන් වහන්සේ – කාලාමයෙනි මිනිසාගේ සිත තුළ ද්වේෂය ඇතිවෙනවා. එසේ මිනිස් සිත තුළ ඇතිවන ද්වේෂය ඔහුගේ යහපත පිණිස පවතිනවා ද? අයහපත පිණිස පවතිනවා ද?

කාලාමවරු – ස්වාමීනි, ද්වේෂය මිනිසාගේ යහපත පිණිස වන්නේ නැහැ. එය ඔහුගේ අයහපත පිණිස පවතිනවා.

බුදුරජාණන් වහන්සේ :– ද්වේෂී වූ පුද්ගලයා ද්වේෂයෙන්, මැඬුණේ යමක් ඔහුට අහිත හා දුක් පිණිස එය ම කරයි. සතුන් මරයි. සොරකම් කරයි. පර ස්ත්‍රීන් කරා යයි. අනුන් ද ඒ වැඩවලට යොදවයි.

කාලාමවරු – එහෙමයි බුදුහාමුදුරුවනේ

බුදුරජාණන් වහන්සේ –කාලාමයෙනි, මිනිසාගේ සිත තුළ මෝහය ඇතිවෙනවා. එසේ මිනිස් සිත තුළ ඇතිවන මෝහය ඔහුගේ යහපත පිණිස පවතිනවා ද? අයහපත පිණිස පවතිනවා ද?

කාලාමවරු – මෝහය මිනිසාගේ යහපත පිණිස පවතින්නේ නැහැ. අයහපත පිණිස පවතිනවා.

බුදුරජාණන් වහන්සේ – මෝහී පුද්ගලයා මෝහයෙන් වැඩුණේ යමක් ඔහුට අයහපත පිණිස පවතී. එයම කරයි. සතුන් මරයි. සොරකම් කරයි. පර ස්ත්‍රීන් කරා යයි. අනුන් ද ඒ වැඩවලට යොදවයි.

කාලාමවරු – එහෙමයි බුදුහාමුදුරුවනේ

බුදුරජාණන් වහන්සේ :– කාලාමයෙනි, ඔබ හිතන්නේ කුමක් ද? මේවා කුසල් ද? අකුසල් ද?

කාලාමවරු – ස්වාමීනි, මේවා අකුසල් ය. ඒවා කුසල් නොවේ.

බුදුරජාණන් වහන්සේ – ඒවා හරි ද? වැරැදි ද?

කාලාමවරු – වැරැදියි ස්වාමීනී,

බුදුරජාණන් වහන්සේ – ඒවා නුවණැත්තන් විසින් ගර්හිත ද? ප්‍රශංසිත ද?

කාලාමවරු – ඒවා නුවණැත්තන් විසින් ගර්හිතයි ස්වාමීනි

බුදුරජාණන් වහන්සේ කාලාමයෙනි, ආර්ය ශ්‍රාවකයා මේ නිසා ඒවා දැන අවෛරී සිත් ඇතිව, නොකිලිටි සිත් ඇතිව පිරිසුදු සිතින් කටයුතු කරයිද? එසේ කටයුතු කරනු ලබන ඔහු විසින් මෙ ලොව දී ම අස්වැසීම් හතරක් ලබයි. ඒ සැනසුම් සතර මෙසේ ය.

ඉදින්, පරලොවක් හා හොඳ නොහොඳ කර්මඵල විපාක තිබේනම්, එනිසා යහපත් ලෙස ජීවත් වූ මම මරණින් පසු ස්වර්ගයේ උපත ලබමි. මේ පළමු අස්වැසීමයි.

ඉදින්, පරලොවක් හා හොඳ නොහොඳ කර්මඵල විපාක නැතිනම්, එහෙත් මම මෙලොව අවෛරීව, නිදුක්ව, නිරුපද්‍රිතව. සැපවත් වු ජීවිතයක් ගත කළෙමි. මේ දෙවන අස්වැසීමයි.

ඉදින්, පව්කරන්නාට එහි විපාක ලැබේ නම්, මම කිසිවෙකු කෙරෙහි තරහක් නොසිතමි. හොඳින්ම ජීවත් වන මට දුකක් සිදුවිය නොහැකියි. මේ තෙවන අස්වැසුමයි.

ඉදින් පව් කරන්නාට පව් සිදු නොවේ නම්, එහි විපාක නොලැබේ නම්, මම දෙපසින් ම පිරිසුදු වූ ජීවිතයක් දකියි. මේ සිව්වන අස්වැසීමයි.

මෙලොවක්, පරලොවක් පිළිබඳව හෝ හොඳක්, නරකක් පිළිබඳව හෝ විශ්වාසයක් නැති මිනිසුන් පිළිබඳව සිතාගෙන බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය වදාළ සේක. මෙවැනි ආකාරයේ අදහස් සහිත වූ පුද්ගලයෝ ද වර්තමාන සමාජ වටපිටාව තුළද දක්නට ලැබේ. මෙලොව පරලොව පිළිබඳව හෝ පවු පිළිබඳව හෝ හැඟීමක් නොමැති වුව ද වැටහීමක් පැවතුණ ද වඩාත් පිවිතුරු විය යුත්තේ පුද්ගල සිත හා සිතිවිලිය. ගෙදර දොරේ ද, ආයතනයේ ද, සමාජයේ ද යහපත්ව කටයුතුවල නිරතවන අවස්ථාවන්හ ිදී හිතේ වෛරී සහගත බව තබාගෙන කටයුතු කරන අවස්ථා දක්නට ලැබේ. තමන් කළ යහපත් දෙයින් තමනට යහපතක් නොවුනු බව ද, එබඳු පුද්ගලයෝ ප්‍රකාශ කරති.

අනාගතය පිළිබඳව සිහින මවාගෙන කටයුතු කිරීමෙන් පුද්ගලයාට ලැබිය හැකි යහපත අවම බව බුදුදහම පැහැදිලි කර දෙයි. මෙලොව යහපත්, අර්ථවත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු තුළ වෛරී සිතිවිලි පැවතිය යුතු නැත. ලෝභ. ද්වේෂ, මෝහ අකුසල් ඉවත් කර ගත යුතු ය . එවැනි ආකාරයේ සිතිවිලි සිතට නැගුණ සැණින් කුමන හේතුවක් නිසා එවැනි තත්වයට පත්වුණා ද? යන වග මැනවින් සිතිය යුතු ය.එවිට හේතුව වැටහෙනු ඇත. ධර්මය යනු එයයි. ධර්මය ඇත්තේ තමා තුළ ය. එය නිවැරැදිව වටහාගත හැක්කේ අධර්මය තමා තුළ පහළ වූ අවස්ථාවක දී ය.