Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 සීලසමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශී‍්‍ර කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 11.00- ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොලොන්නාව ටෙරස් ද සිල්වා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි. 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීලභාවනා සමිතිය 02.00-03.00 විශේෂඥ වෛද්‍ය දේශනය කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී , පුෂ්පා රම්‍යානිද සොයිසා මෙනවිය, 03.00-04.00 පස්වරු ධර්මදේශනාව, සූරියවැව සාරානන්ද හිමි 04.00-05.00 ධර්ම සාකච්ඡාව 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව පරවාහැර වජිර හිමි.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මඟින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන පොසොන් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය. පෝදා පෙරවරු 6.00 - 6.45 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, ගල්කිස්සේ සමාහිත හිමි, 7.00 - 7.45 ධර්ම දේශනාව, භාවනාව ගල්කිස්සේ සමාහිත හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව දොඩන්දූවේ සිරිකර හිමි, 9.15 - 10.15 ධර්ම දේශනාව මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි, 10.30 - 11.00 දවල් බුද්ධ පූජාව මෙහෙයවීම, ධර්මවිජය පිරිවෙණේ ආචාර්ය, රාජකීය පණ්ඩිත නේපාලයේ සෝමරතන හිමි, පස්වරු 1.00 - 2.45 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 3.00 - 4.15 ධර්ම දේශනාව ලේනව මංගල හිමි, 4.30 - 5.15 ධර්ම සාකච්ඡාව ලේනව මංගල හිමි, 5.30 - 6.30 ඖෂධ පූජාව හා සිල් පවාරණය, ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ, බොරලන්දේ වජිරඥාන හිමි, 7.10 - 8.30 ධර්ම දේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව. 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි,

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ පොසොන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 16 දින පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පොසොන් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසි කිරින්දේ ඤාණදර්ශන හිමියෝ සංවිධානය කරති. පෝදා පෙරවරු 06.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මල්වානේ චන්දරතන හිමි .09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 09.15 ගිහි දේශනය .කොළඹ විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ කථිකාචාර්ය ආචාර්ය කමල් වලේගොඩ මහතා 10.30 බුද්ධ පූජාව ,දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි.පස්වරු 01.00 – ධර්ම දේශනාව ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති වලන්වැවේ සුනන්ද හිමි 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය සහභාගිත්වය ආචාර්ය ඇත්කදුරේ සුමනසාර හිමි, ආචාර්ය මල්වානේ චන්දරතන හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න , ආචාර්ය අත්තනායක එම්.හේරත් මහත්වරු 04.00 භාවනා වැඩසටහන මෙහෙයවීම – ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි. 05.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය .

කතරගම කිරි වෙහෙර

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ පොසොන් පෝදා පින්කම් රැසක්. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. මෙදින උදෑසන සිල්සමාදන් කරවීම, මල් පහන් , ගිලන්පස, කිරිආහාර පුජාවක් ද , ෂඩ්වර්ණ ශාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර චෛත්‍යයේ පැළැඳවීම ද සිදු කෙරේ. උදේ ධර්ම දේශනාව ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සැල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර චෛත්‍ය මලුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධින් වහන්සේ නාවා මල්, පහන්, ගිලන්පස ,අටපිරිකර පූජාකිරීමෙන් අනතුරුව බෝධි පූජා පැවැත්වීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඥාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර තුන්වන මලුව සමීපයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක මහතා ශ්‍රී ආනන්ද රේවත දහම්පාසල මහාසේන සිල්සමිතිය. හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පොසොන් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන් ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදානය හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.00 - 9.30 භාවනාව, 9.30 - 10.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 10.30 - 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15 - 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරධ හිමි, 3.30 - 5.00 ධර්ම සාකච්ඡාව මහ කෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු පූජාව.

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 05.30- 06.00 කිරිපිඬු බුද්ධ පූජාව වැඩමවීම 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-9.00 ධර්මානුශාසනාව – අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංස හිමි ,09.00-10.00 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත අමුණුමුල්ලේ ජිනරතන හිමි 10.00-11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි පස්වරු 12.15-01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමවාසී මුල්කිරිගල සුමංගල හිමි, 01.15-02.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි,03.00-04.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00-05.00 ගිහිදේශනාව – මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොළආරච්චි මහතා , 05-06.00 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තල්පාවිල කුසලඤාණ හිමි , 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී පොසොන් පුන් පොහෝ දින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 - 9.00 දහම් දෙසුම මඩිහේ සුගතසිරි හිමි 9.00 - 10.00 දහම් දෙසුම් පන්නිපිටියේ ජිනරතන හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 - 12.30 ධම්මචක්කකපවත්වන සූත්‍ර සජ්ඣායනය පස්වරු 1.00 - 2.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරවාසී ගැමුණුපුර සෝමවංශ හිමි, 2.15 - 3.00 ධම්ම පදය, 3.00 - 5.00 භාවනා වැඩසටහන වැල්ලගල්ලේ පඤ්ඤාලෝක හිමි, සවස 6.00 ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. පොසොන් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

කිදෙල්පිටිය ශ්‍රී අමරතිලකාරාමය

බෞද්ධයා රූපවාහිනියේ හා ගුවන්විදුලියේ ධර්ම දේශක වරකාපොල, හැලගල, දංඕවිට අමරාවතී සදහම් සෙනසුනෙහි අනුශාසක කැලණියේ අජිත හිමියන්ගේ ධර්ම දේශනාවක් පොසොන් පොහෝ දින දවල් 1.30 සිට 2.30 දක්වා මිල්ලෑව කිදෙල්පිටිය ශ්‍රී අමරතිලකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති මාලඹේ ජිනරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සී/ස රයිගම් උඩුගහපත්තුව වි.සේ.ස. සමිතියේ අනුග්‍රහයෙන් එම පින්කම පැවැත්වේ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 -7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඤාන හිමි, 8.00 - 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 -10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝදාරාම පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උලහිටියාවේ විභාවි හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව ඔරුවල සුධීර හිමි තඹුත්තේගම නාරද හිමි, පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මාඑළියේ රතන හිමි තලවතුගොඩ විමලධම්ම හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව රත්මලාන පුරාණ රජමහා විහාරවාසී රාජකීය පණ්ඩිත කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ගංගොඩවිල විජයාරාම රජමහ විහාරාධිපති ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත අමුණුමුල්ලේ ජිනරතන නාහිමි, 5.00 - 6.00 ධම්මපදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00-07.00 – සිල් සමාදන්කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 08.00-09.00 භාවනාව වැලිමඩ පසන්නමාස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පුහුල්වැල්ලේ සාරද හිමි , 10.00-11.15 පරෝපකාර සංග්‍රහය , අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 -12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ – මීගොඩ මධුභාණී හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 වෙසෙසි දෙසුම – දිදුල නාලිකාවේ බෞද්ධ අංශයේ අංශාධිපති ශාන්ත දිසානායක මහතා ,3.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ආනන්දචිත්ත හිමි, 4.15-5.00 ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පින්කම් සිදු කෙරේ. පෝදා පෙරවරු 6.30 - 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 - 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 - 10.40 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 3.00 ගිහි දේශනය සහ භාවනාව, ධර්මාචාර්ය, ආසිරි රාජපක්ෂ. 3.15 - 4.00 ධර්මදේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.00 - 5.00 මහා සමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 - 7.30 අෂ්ටපාන සහිත බෝධිපූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පුවත්පත, ධර්මදානය පිණිස බෙදීමේ දායකත්වය මොරටුව, කටුබැද්ද පදිංචි සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

සීදුව සුගතාරාමය

සීදුව සුගතාරාමයේ දී පොසොන් පෝදා දවස පුරා සීල, භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 6 සීල සමාදානය , බුද්ධ වන්දනාව 108 ක් වූ ඖෂධ පූජාව මෙහෙයවීම මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමි 8-10 ධර්ම දේශනය 10.30 දෙතිසක් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 1 -00 ධර්ම දේශනාව 3.40 භාවනා වැඩසටහන 4.30 ධර්මානුශාසනය .

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදුව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී පොසොන් පුන් පෝදා පින්කම් මාලාවක් විහාරාධිපති. විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදි සීදුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟණ සමිතිය හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ද සංවිධානයෙන් පැවැත්වේ.

පොහොය දින අලුයම 5.00 ට ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම උදෑසන 6.00 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදුවේ සුමනවංස නාහිමි, 6.45 ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00-9.00 ධර්ම දේශනාව කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්ව විද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි. 9.00-10.45 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම – කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන. ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්.ඉන්ද්‍රසේකර , ධර්මාචාර්ය අනුර සිරිමාන්න . ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර , ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මහත්වරු ඇතුළු වියතුන් සහභාගි වෙති.

පෙරවරු 10.45 අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා ව පස්වරු 12.00-12.30 සක්මන් භාවනාව, 12.30-1.00 තෙරුවන් වන්දනාව, 1.00-2.00 කාව්‍යමය ධර්ම දේශනාව , වනාතවිල්ලුවේ විපස්සි හිමි, 2.30-3.30 ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී බැන්ඩියමුල්ලේ සුසීල හිමි, 3.30-4.30 භාවනාව, මොණරාගල සෝමසාර හිමි, 4.30-5.30 ධර්ම දේශනාව වලස්මුල්ලේ අරියවංස හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව, පහන් පූජාව හා බෝධි පූජා පින්කම පවත්වා රාත්‍රී 7.00 ට ආශිර්වාද තුන්සූත්‍ර , ධම්මචක්ක , ජයපිරිත් දේශනා කරමින් ශ්‍රී ලංකාව තුළ සාමය, සමඟිය, සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කර සැමට ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කර ඇත.

ශ්‍රී සම්බෝධි විහාරයේ හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ පොසොන් පොහෝ දින වැඩසටහන් මාලාව

පෙරවරු 5.30-6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00-09.00 ධර්ම දේශනාව, ගලිගමුවේ ඥානදීප හිමි, 09.15-10.15 ධර්ම දේශනාව රාජසිංහගම තිලකධම්ම හිමි, 10.30-11.00 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30-02.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි. උඩුදුම්බර සෝභිත හිමි 2.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ 3.30-4.30 ධර්ම දේශනාව මාවතගම පේමානන්ද හිමි, 4.30-5.30 ධර්ම දේශනාව නීතියගම චන්දිම හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව සහ සිල් පවාරණය මෙහෙයවීම නැදගමුවේ සෝම හිමි.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ දී පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 - 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව 7.00 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 - 9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි 9.15 - 10.15 ධර්ම දේශනය, පදියපලැල්ලේ පඤ්ඤාශෝභන හිමි 10.30 - 11.00 දවල් සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව,

12. 15 - 12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා විසින් 1.00 - 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 - 3.15 ධර්ම දේශනය, දෙමටගොඩ වේළුවනාරාමවාසී ඉඳුරුහේනේ ධම්මවිලාසි හිමි, දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 5 - 6 විශේෂ දේශනය ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා, සිල් සමාදන් කරවීම සහ සිල් පවාරණය ශ්‍රී ජයශේඛරාරාමවාසී තලල්ලේ ධම්මදේව හිමි, රාත්‍රී 7.00 - 7.45 ගිලන්පස සම්බුද්ධ පූජාව ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි.

බුදුසරණ ධර්ම චාරිකා ඇසළ මස දම් දෙසුම මොල්ලිගොඩ දෙගම්මැද විහාරයේ දී

බුදුසරණ ධර්ම චාරිකා ඇසළ මස දහම් දෙසුම කළුතර වාද්දුව මොල්ලිගොඩ දෙගම්මැද විහාරයේ දී එළඹෙන ඇසළ පුර පසළොස්වක පෝදා සවස 4 – 5 දක්වා පැවැත්වේ. කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කෙරේ.

දරුවන් දහසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ධර්මපාල චින්තනය සමාජගත කරමින් ජාතික, ආගමික ප්‍රබෝධයක් ඇති කරවමින් දේශ හිතෛෂී, ජාති හිතෛෂී ශ්‍රී ලාංකික පරපුරක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කර මේ වන විට බොහෝ ප්‍රදේශයන් පුරා ව්‍යාප්තව පවතින ධර්මපාලවරු සංවිධානයේ දකුණු පළාත් ශාඛාව ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ අධ්‍යයන කේන්ද්‍රය මේ වන විට ආගමික අධ්‍යාපනික, සාමාජීය ආදී වශයෙන් සිදු කර ඇති සේවාවන් රැසක් බව කියයි. එම අධ්‍යයන කේන්ද්‍රය මගින් පොසොන් පුර පසළොස්වක පොහොය දා මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම විහාරස්ථානයේ දී දරුවන් දහසක් සිල් සමාදන් කරවීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී පොසොන් පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්මදේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය බොරලුකන්දේ ඤාණින්ද හිමි.

ශ්‍රී මහින්දාරාමයේ පොසොන් බත් දන්සැල මෙවරත් පොසොන් පෝදා

පුත්තලම් අනුරාධපුර පාර ඉහළ පුලියන්කුලම ශ්‍රී මහින්දාරාමයේ වාර්ෂිකව පවත්වනු ලබන බත් දන්සැල පොසොන් පෝය දින දවස පුරා පැවැත්වීමට දායක සභාව කටයුතු යොදා ඇත. විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඇඹිලිපිටියේ නන්ද හිමියන් එය සංවිධානය කර ඇත.

මහමුදලින්දාරාම පුරාණ මහා විහාරයේ දී පොසොන් සැදැහැ ගී

ගාල්ල දඩල්ල මහමුදලින්දාරාම පුරාණ විහාරස්ථානයේ සිරි ධම්මජෝති දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කරන දහම් පාසල් දරු දැරියන්ගේ පොසොන් බැති ගී ගායනය විහාරාධිපති දහම් පාසලේ ප්‍රධානාචාර්ය මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇත. පොසොන් පෝය දින සවස 4 සිට එම සැදැහැ ගී පැවැත්වේ.

සංකල්ප විහාරයේ පොසොන් පින්කම්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ දී පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. පොසොන් පෝදා පෙරවරු 5.00 කිරි ආහාර බුද්ධ පූජාව 6.00 ට සීල භාවනා වැඩසටහන ආරම්භ කෙරේ. එම සිල් වැඩසටහනට, වඳුරඹ සංඝානන්ද හිමි, මිරිස්වත්තේ ඉන්දසිරි හිමි, ගල්හෑවේ සුගතවිහාරී හිමි යන හිමිවරුන්ගේ සහ පිළියන්දල සංඛපාලී මෑණියන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. රාත්‍රී 7.00 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව, ඉන් අනතුරුව සංකල්ප ක්‍රීඩා සමාජය මෙහෙයවන මහා බත් දන්සල පැවැත්වේ. ජුනි 18 ශ්‍රී සංකල්ප දහම් පාසලේ දූ දරුවන් ඉදිරිපත් කරන පොසොන් සැදැහැ ගී සරණිය පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දහම්පාසල පින්කම් මාලාව සංවිධානය කර ඇත.