Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය - 2019

කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය - 2019

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය 2019 නොවැම්බර් මස 16 සහ 17 යන දිනයන්හි පැවැත්වේ. මේ සඳහා දහම් පාසල්වල හා පිරිවෙන්වල සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි ය. මෙම විභාගයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත්වීම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා විභාගයට ඇතුළත්වීමට සුදුසුකමක් ලෙස පිළිගෙන ඇත. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2019.07.31 අදාළ අයඳුම්පත් සඳහා මුද්දර ගසන ලද ලිපිනය සහිත ලියුම් කවරයක් (9” ය 4” ) පහත දක්වා ඇති ලිපිනයට එවීමෙන් ලබා ගත හැකිය.

 

සහකාර සාමාන්‍යාධිකාරී (පරිපාලන)
කොළඹ තරුණ බෞද්ධ සංගමය,
70, ඩී.එස්. සේනානායක මාවත,
කොළඹ 08,
දුරකථන අංකය - 011 2695786