Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය


මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී
වළවාහැංගුණවැවේ
ධම්මරතන හිමි

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී මෙම මස 15, 16, 17 යන තෙදින තුළදී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

මෙවර එම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙනුයේ 57 වන වසරට යි. එහි සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පැවැත් වීමට නියමිතය.

මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අනුග්‍රහයෙන් වාර්ෂික සිල් රෙදි ප්‍රදානය දහසක් සිල් පිරිස වෙත සිදු කෙරේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ පාලන අධිකාරියේ පූර්ණ මෙහෙයවීමෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.

අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාගේ සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහත්වරුන්ගේ සහායෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාව, මිහින්තලේ පොලිස් ස්ථානය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් පින්කමේ සංවිධාන කටයුතු සඳහා සහාය දක්වනු ලැබේ.