Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

කාල සිටුපුත්‍රයා

අනාථ පිණ්ඩික සිටුතුමාට කාල නම් පුතෙක් සිටියේ ය. ඔහු කිසි දිනක පන්සලට ගියේ නැත. පින්දහම් කළේ නැත. විනෝදයෙන් ම කල් ගෙවී ය. සියපුතු වෙහෙරට යැවීමට උපායක් සිතූ පියතුමා පන්සලට ගොස් බුදුරදුන්ගෙන් බණ ඇසුවොත් කහවනු දහසක් දෙන බව පැවසී ය. ඔහු පළමුදින බණ අසා පැමිණි නමුත් කිසිවක් මතක තියාගත්තේ නැත. බණ පදයක් මතක තබාගෙන ආවොත් තවත් කහවනු දහසක් දෙන බව පැවසී ය. බුදුන්වහන්සේ මොහුට බණ පදයක් මතක හිටින්න එපා කියා අධිෂ්ඨානය කළ සේක. ඕනෑකමින් බණ අසා හේ සෝවාන් වීය. මගඵල ලබා ගෙදර ගිය මොහුට පියාණන් කහවනුදීමට සැරසුණි. ඔහුට ලජ්ජාවක් ඇතිවිය.

****

සුරාපානයෙන් වැළකෙමු

පන්සිල් පද අතරින් පස් වන සිල් පදය සුරාපානය නොකිරීම යි. අපේ පන්සලේ ස්වාමීන් වහන්සේත්, ගුරු මෑණිවරු,මව්පියන් සෑම විටම මත්වතුර බීමේ හා මත් ද්‍රව්‍ය ගැනීමේ නරක විපාක කියා දෙනවා. මත් වතුර නිසා අඬ දබර ඇති වෙනවා. සමහර අයහපත් පියවරු මත් වතුර බී දරුවන්ට සැර පරුෂ වචන කතා කරනවා. අම්මලාට පහර දෙනවා. මුදල් ඉපයීම සඳහා නරක මිනිසුන් ඉගෙන ගන්නා ළමයින්ටත් මත්ද්‍රව්‍ය ලබා දී ළමයින්ගේ අනාගතය විනාශ කරනවා. මත් වතුර හා මත් ද්‍රව්‍ය නිසා පවුල් විනාශ වේ. ළමුන්ගේ අධ්‍යාපන කටයුතු විනාශ වේ. මේ නිසා අපි සැවොම මත් ද්‍රව්‍ය හා මත් වතුර විකිණීමට එරෙහි විය යුතුයි. කුඩා අපි සියලුම දෙනාට මෙහි ආදීනව කියා දෙමු. පන්සිල් සුරකින හොඳ බොදු දරුවෝ වෙමු.

****

බුදු සමිඳු පාමුල මල්

මලේ මලේ මල් සුවඳ හමන්නේ
මලේ මලේ මල් සුවඳ හමන්නේ
බුදු හිමි පාමුල පූජා කර බුදුන් වඳින්නේ
රෝස පිච්ච සුදු අරලිය සුවඳ හමන්නේ
මල් වට්ටිය බුදු හිමිගේ නමටයි බැබළෙන්නේ

****

යහපත පුරුදු කරමු

බුදු දහම සියලු මිනිස් ප්‍රජාවට සමානාත්මතාවයෙන් සලකන දහමකි. සමාජයේ යහපත් ක්‍රියා කරන පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙකු වන බවත්, අයහපත් ක්‍රියා කරන පුද්ගලයා පහත් අයෙකු බවත් බුදුදහම පිළිගනී.

බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණාහට වසලයෙකු වීමට හේතුවන කරුණු තිස් තුනක් පැහැදිලි කළ සේක. එම කරුණු අඩංගු සූත්‍රය වසල සූත්‍රය ලෙස හැඳින්වේ.

“කිසිවෙක් උපතින් වසලයෙකු නොවේ. උපතින් බමුණෙකු ද නොවේ. කරන ක්‍රියාව අනුව වසලයෙක් වෙයි. කරන ක්‍රියාව අනුව බ්‍රාහ්මණයෙක් ද වෙයි.” වසල සූත්‍රයේ සඳහන් වසල ගති තම අධ්‍යාත්මය පිරිහෙන වසල ගති, සමාජය පීඩාවට පත්වන වසල ගති හා යුතුකම් පැහැර හැරෙන වසල ගති යනුවෙන් කොටස් තුනකට බෙදේ. නිතර අධික ලෙස තරහ ගැනීම, වෛර කිරීම වැනි දේ අධ්‍යාත්මය පිරිහෙන වසල ගති වේ. මංකොල්ලකෑම, බොරු සාක්ෂිදීම, සමාජය පීඩාවට පත්වන වසල ගති ය. යුතුකම් පැහැර හැරෙන වසල ගතියක් නම් මහලු මව්පියන්ට නොසලකා හැරීමයි.

මෙවැනි දුර්වලතා තම ජීවිතයෙන් දුරු කර මෙලොව කීර්තිමත්ව, ගෞරවාන්විත ව ජීවත්වීමටත්, හොඳ සිරිත් අනුගමනයටත් හුරු පුරුදු වෙමු .

****

මව් සෙනෙහස

මහා කරුණා දයා නදියේ හොවා සඟවා ආදරෙන්
මහා කරුණා දයා ගුණයෙන් අපව බිහිකළ ආදරෙන්
මහා දුක් වේදනා දැරුවේ දකින්නයි අප ආදරෙන්
මහා කරුණා දයාවෙන් අපෙ මවුන් අමතමු! ආදරෙන්

සිරුරෙ දිවයන රුධිර ධාරා කිරට හරවා සෙනෙහසින්
සයුරෙ රළ මෙන් නැගෙන දුක හා සතුට ඉසිලූ සෙනෙහසින්
සසරෙ සැමදා එකට ඉන්නට පැතුම් පතමින් සෙනෙහසින්
සසරෙ මතු බුදුවන්න පෙරුමන් පුරයි මව්වරු සෙනෙහසින්

****

බුගු ගුණ

අස්කර පවු සසර ගමනෙ කන්තක අසු ගෙන්නාලා
විස්මිතලෙස නේරංජන නදියෙ අසු පන්නාලා
දුෂ්කර ක්‍රියා වීර්යය වසර හයක් තිස්සේ කළේ
ලස්සන බුදුරැස් විහිදූ වෙසඟේ ශ්‍රී බෝධි මුලේ

තුම්බිය දුරුකරනා පිරිත් බලයෙ ගුණය පවර
දම්සක් පැවතුම් දෙසුවේ පස්වග මහණුන්ට එවර
දරුණු යක්ෂයින් මිනිසුන් සතුන් මෛත්‍රියෙන් පැරදු
ධර්ම භාණ්ඩාගාරික වුයෙ ආනන්ද තෙරිදු

හොඳින් බුදුබණ ඇසුවොත් සැමදෙන නිවනට යාවි
සුචිත්ත පොඩි හිමියන් විරිඳු ගුවන් ගැබ රැව් දේවි

****

බුද්ධත්වය

****

කෝලිත උපතිස්ස පැවිද්ද ඉල්ලීම