Print this Article


චීවර දහසක් පොසොන් පෝදා පූජා කෙරේ

චීවර දහසක් පොසොන් පෝදා පූජා කෙරේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩම කිරීම අනුස්මරණය කරමින්, වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ රජ මහා විහාරස්ථානයේ දී චීවර දහසක් පූජා කිරීමේ පින්කමක් ජුනි මස 16වන දා (පොසොන් පොහෝ දින) සංවිධානය කර ඇත.

චීවර රැගත් බෞද්ධ උපාසක උපාසිකාවෝ එදින පස්වරු 4.00ට වාද්දුව, කන්දකඩේ මං සන්දියේ සිට හේවිසි පූජා මධ්‍යයේ පෙරහරකින් විහාරස්ථානය වෙත ගමන් කරනු ඇත.

එම විහාරස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින සිවු මහල් ධර්ම මන්දිරයේ ඉතිරි වැඩ නිම කරවා ගැනීම සඳහා මෙම ආධාර මුදල් යෙදවෙන බව , විහාරාධිපති ශාස්ත්‍රපති නන්දසාර හිමියෝ පවසති.