Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

513 එච්.එම්.චම්පා නෙත්මිණි හේරත්
09 ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම්පාසල – වට්ටප්පොල

514 එච්.එම්.ඉමේෂා ධනංජනී හේරත්
අවසාන ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම්පාසල - වට්ටප්පොල

515 ආර්.ඒ.ඩී. පූජිකා දෙව්මිණි රණසිංහ,
09 ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල

516 වයි.ජී. චාමිලා හර්ෂණි කුමාරි
අවසාන ශ්‍රේණිය
ශ්‍රී සරණතිස්ස දහම් පාසල - වට්ටප්පොල

517 ඩබ්.එම්. සහන් අකලංක වීරකෝන්
10 ශ්‍රේණිය
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල

518 චමෝද්‍ය බණ්ඩාර වතුපොල
10 ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල


හෙළදිව මහාගත්කතුවරයා

හෙළදිව මහාගත්කතුවරයාණන් නමින් විරුදාවලිය ලත්, කොග්ගල මලලගම, මාර්ටින් වික්‍රමසිංහයෝ, සිංහල සාහිත්‍යයෙහි කැපී පෙනෙන විද්වතාණන් කෙනෙක් වෙති. 1890 මැයි 20 වන දින උපත ලැබූ වික්‍රමසිංහයෝ ගාල්ල, බොනවිස්ටා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, එවක සිටි ප්‍රකට පඬිරුවනක් වූ කොග්ගල ධීරානන්ද හිමිපාණන්ගෙන් හා විද්‍යෝදය පිරිවෙනින් සිංහල, පාලි හා සංස්කෘත භාෂා උගත්හ.

පසුව එතුමාණෝ ස්වෝත්සාහයෙන් ම ප්‍රාචීන හා ඉංගී‍්‍රසි භාෂා ඥානය ප්‍රගුණ කර ගති. ඒ අනුව තුරුණු වියේ දී ම දර්ශනවාදය, පුරාවිද්‍යාව, ඉතිහාසය හා පරිණාමවාදය වැනි විෂයයන් සම්බන්ධව ලෝක පූජිත ලේඛකයන්ගේ කෘති හැදෑරීමට එතුමාට පුළුවන් විය. “දිනමිණ”, “සිළුමිණ” පුවත්පත්වල ප්‍රධාන කර්තෘධූරය දැරූ වික්‍රමසිංහයන්ගේ මුල්ම කෘතිය වූයේ ‘ඔවා සිතුමිණ’ නමැති උපදේශාත්මක ග්‍රන්ථයයි. තුන්ඇඳුතු නවකතා ප්‍රබන්ධ කළ ලේඛකයා වනුයේ වික්‍රමසිංහ සූරීහු ය. මාර්ටින් වික්‍රමසිංහයෝ සිය අග්‍රගණ්‍ය ජීවන ගමන නිම කරමින් 1976 ජූලි 23 දා මෙලොවින් සමුගත්හ.


.දම් සිත

දුවයි විටෙක නවතී මේ සිත තැනෙක
බැඳිය නොහැක දම් වැලකින් කිසිවිටක
කඩා හැලෙයි රන් දම් දිය සැම විටෙක
කියා පායි සිත බැඳ හැකි දම් වැලක

සිත තුළ තෙරපෙන මේ වේදනා කඳ
වචනයකින් කිව හැක්කේ කා හටද
සිතුවිලි තුළ ඇති ලෝභය නිසාම ද
තාමත් සැරිසරන්නේ වේදනා මැද

බුදු සමිඳුන් ගිය මග වටහා ගනිමු
සසරෙන් එගොඩ වෙන්නට නිති වෙර දරමු
විඩා බරව යන ගමනේ නිම සොයමු
සසර දුකින් එතෙර වෙන්න සිතා ගමු


අරහං බුදු ගුණය

බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. උන්වහන්සේ සියලු කෙලෙස් ධර්මයන් සහමුලින්ම නසා දැමූ සේක. සියලු දෙව් මිනිසුන්ගේ පුද පූජාවන් ලැබීමට ද සුදුසු වන සේක. එහෙයින් අරහං නම් වන සේක.

සැබැවින්ම මෙම අරහං ගුණය බුදුන්වහන්සේ සතු වූ සුවිශේෂී වූ ගුණයකි. උන්වහන්සේ රහසින්වත් පවු නොකළසේක. එම නිසා උන්වහන්සේ සියලු මිනිසුන්ගේත්, දෙවියන්ගේත්, බඹුන්ගේත් පුද පූජා ලැබීමට සුදුසු වෙති. පූර්වෝක්ත සඳහන් කර ඇති කරුණු නිසා අරහං ගුණයට මම ඉතා කැමැති වෙමි.


ලෝවැඩ සඟරා අත්පොත සුපසන්

බුදු,දම්, සඟ තෙරුවන් වැඳ බැතියෙන්
සත් හට පින් වැඩුමට දුන් ඔවදන්
මෙත් හිමි වීදාගමත් කර දුන්
ලෝ වැඩ සඟරා අත් පොත සුපසන්

මිනිසත් ගුණ දම් වඩනා අටියෙන්
දැහැමි පිළිවෙත් පුරණා විලසින්
ලොවට සැනසුම පතා බැතියෙන්
ලෝවැඩ සඟරා දිනේ! හිරු මෙන්


කලණ මිතුරු වෙයි සුමිතුරු

මගකි මගකි යන මග වෙත කැන්දන්න
මලකි මලකි ගත සුවඳින් පුරවන්න
රුකකි රුකකි සිත මෙත්මග ගිල්වන්න
සකි, සකි, කලණ මිතුදම දියුණට යන්න

මව් පිය ගුරුවරුන් දරුවන් ගුණ දමට
නැඹුරු කරනවා වෙසෙසින් නිරන්තර
නිසැක ගුණය මත පිහිටා වැඩෙන කල
යහගුණ වේය ලොව මතුපරපුර ට


පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

අප ලක්බිමට බුදුසසුන දායාදකළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.


සුන්දර පරිසරය

යූ.එම්. මලිඳු දිල්ශාන්
10 ශ්‍රේණිය
කලුගල මහ විදුහල
කිතුල්ගල

 

මල්

දිලුෂා දෙව්මිණි
06 ශ්‍රේණිය
ශ්‍රී සුදර්ශනාරාමය
පනාපිටිය

 

-

සංස්කරණය -
නයනා නිල්මිණි