Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

 

508 එච්.එම්.සඳලි හංසිකා බණ්ඩාර
9 ශ්‍රේණිය ,
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල

509 එච්.එම්. ලක්ෂිකා සෂිනි හේරත්
9 ශ්‍රේණිය
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල

510 එච්.එම්.කසුන් ගයාන් බණ්ඩාර
10 ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල

511 එච්.එම්.ගිහාන් ලසන්ත හේරත්
9 ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල

512 ඒ.එන්.ඩබ්.දිලීෂා නවාංජලි බණ්ඩාර
9 ශ්‍රේණිය,
ශ්‍රී සරණතිස්ස දහම් පාසල – වට්ටප්පොල


මා සහභාගි වූ චාරිකාවක්

සෙසු වසරවල දී මෙන් ම සුපුරුදු පරිදි අප පාසලෙහි අධ්‍යාපන චාරිකාව මෙවර ද සිදුවිය. පෙරවරු 5.00 වන විටදී මාගේ මව්පියන් සොයුරිය සමඟ පාසල වෙත පැමිණියෙමි. බුදු පුදට ගොස් ආගම සිහිකිරීමෙන් අනතුරුව ගුරු මහත්ම මහත්මීන්ගේ සංවිධායකත්වයෙන් මා ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැගත් බස්රථය පෙරවරු 6.00 ට චාරිකාව අරඹන ලදී.

අප සියලු දෙනාම බෞද්ධ විහාරස්ථානයක දී උදේ ආහාරය ගෙන ප්‍රථමයෙන් ම උකුවෙල ජල විදුලි බලාගාරය නැරඹීමෙන් අනතුරුව නුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ශ්‍රද්ධා සිතින් යුතුව වන්දනා මානවල යෙදුණි.

ඉන් පසු පේරාදෙණිය උද්භිද උද්‍යානය වෙතට පැමිණ එහි දී දිවා ආහාරය ගෙන ගඩලාදෙණිය, ලංකාතිලක යන විහාරයන් ද වැඳ පුදාගෙන ඇම්බැක්කේ විහාරය ( දේවාලය) ද නැරඹීමෙන් අනතුරුව රාත්‍රී 9.00 වන විටදී විනය, හික්මීම සහිතව චාරිකාව නිමකොට බස්රථ විදුහල් ක්‍රීඩාංගණ වෙත පැමිණීමෙන් පසුව නිවෙස වෙත පියනැගුවෙමු.


රකිමු සිල්පද

සීලය යන්නෙන් අදහස් කෙරෙනුයේ සිත, කය, වචනය යන තිදොර සංවරව පවත්වා ගැනීමයි. ඒ සඳහා පන්සිල්, අටසිල්, දසසිල් වශයෙන් ප්‍රබේධ පවතී. යම් අයෙකුට දිනපතා රැකිය යුතු සිල් ලෙස දක්වා ඇත්තේ පන්සිල් ය. සමහරු පන්සිල්හි කිසිම තේරුමක් නොදනිති. වරද ඇත්තේ එතැන ය. තේරුම දැනගන්නේ නම්, ඒවා හදවතෙහි තැන්පත් වේ. එසේ වූ විට ඒවා ලේ ධාතුවට එක් වේ. එවිට කුසල් කිරීමට සිත කැමැති වේ. යමෙක් සිත සංවර කර ගත්තේ ද එය සීලය යි. යමෙක් කය සංවර කර ගත්තේ ද, යමෙක් වචනය සංවර කර ගත්තේ ද එය සීලය යි.


කීකරු වෙමු

ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන නොම හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන් සැලකිලි අසුන් කර පුද

ගුරුන් සිත නොරිදනු
කීකරුකමින් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක් නිතර පෙන්වනු


පින් පව්

පරපණ නැසුවොත් ආයුෂ කෙටි වෙයි
සොරකම් කළහොත් දිළිඳෙකු වේ මැයි
කම්සැප වැරදිව වින්දොත් නිරයයි
බොරු බස් රහමෙර ලෝදිය හැලියයි

පින් පව් මේවයි උතුමන් දෙසු බස
අ ැසුවොත් නොපැකිල එම ගුරු උප දෙස
යහපත් දිවියක් ගෙවීම නොර හස
සැමගෙන් පැසසුම් ලබනට ඔබ යස

මඟතොට යනෙන විට විමසා බල මින්
හමුවන සතුන් හිංසාවට ලක් නොක රන්
පාසල ළමා ලෝකය විලසින් සල කන්
ලෝකය දිනන්නට හොඳ ළමයෙක් ම වෙ යන්


මගේ අම්මා

මගේ අම්මාගේ නම ආර්.එම්. නදීකා රෝෂණී. ඇය දස මසක් මා කුස දරා බිහිකොට ලේ කිරි කර පොවා මා ඇතිදැඩි කළා ය. මා ටිකෙන් ටික ලොකු වෙද්දී ඇය අපමණ පී‍්‍රතියට පත්විය. මා පෙර පාසල් යන වියේ දී උදෙන්ම අවදිව කෑම පිළියෙල කර කවා පොවා පෙර පාසල් ගෙන ගොස් මා ඇරලවා ඇය රාජකාරියට පිටත් විය. මගේ අම්මාට මා කරන සියලු පින් අනුමෝදන් වේවා.


පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

ප ලක්බිමට බුදුසසුන දායාදකළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.



 

පන්සල් යනවා

කේ.පී. චෙතුමි රිසන්සා
04 ශ්‍රේණිය,
ශ්‍රී ගුණානන්ද දහම් පාසල
පොල්ගහවෙල


 

සුන්දර පරිසරය

එච්.එම්. ලක්ෂිකා සෂිනි හේරත්
09 ශ්‍රේණිය, ශ්‍රී සරණතිස්ස දහම් පාසල
උඩුනුවර