[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත්පත් විත්ති

පොත්පත් විත්ති

“බුද්ධොත්පාද ලෝකය”

කර්තෘ – චාමික මුණසිංහ
ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

“සක්වළ දැක්ම සහ බඹලොව ගමන” සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා” ,අබුද්ධස්ස කාලයේ බුදු සසුන” සහ “අජරාමර ලෝකය” යනාදී බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ශාස්ත්‍රපති චාමික මුණසිංහගේ “බුද්ධෝත්පාද ලෝකය” නවතම කෘතිය පසුගියදා එළිදැක්විණ.

එම ග්‍රන්ථය “සාහිත පොත් පියස” මගින් ප්‍රකාශයට පත් කර තිබේ. “පෙර බුදුවරු සහ මතු බුදුවරු, අධර්ම යුගයේ ආයුෂ පිරිහේ, මේ නම් ලෝක විනාශය නේද? ආයු වර්ණ පිරි කේතුමතී රජ දහන, මෙතේ බුදුන් දැක නිවන් දකින්නෝ” බුද්ධ කල්ප බෝධි වෘක්ෂ, බුද්ධ අධිෂ්ඨාන” පංච කෝලාහල ආදී මාතෘකා රැසක් ඔස්සේ සරලව සංක්ෂිප්තව මෙම ග්‍රන්ථය කතුවරයා විසින් ඔබ අතට පත් කර ඇත.


දරුවන්ට සමීප වීමට නම්

කර්තෘ – වෛද්‍ය එච්. දමිත් හෙට්ටිආරච්චි
ප්‍රකාශකයෝ – බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය

නූතන ලෝකයේ දරුවන් යහමගට ගැනීම අන් කවරදාටත් වඩා දැවැන්ත අභියෝගයක් වී තිබේ. එයට හේතුව මිනිසා විසින් මිනිසාගේ පහසුව සඳහා නිර්මාණය කළ නව තාක්ෂණය අද වනවිට දරුවන් ගිල ගන්නා රාක්ෂයකු හා සමාන වී තිබීම යි. එනිසා මේ කාලයේදී හොඳ දරුවන් හැදීම උඩුගංබලා යාමක් වැනිය යයි කතුවරයා කියයි.

පරිච්ඡේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය දරුවන් පිළිබඳ යහපත් පණිවුඩයක් සමාජයට දීමට කතුවරයා උත්සාහ කර ඇත.


හින්දි භාෂාව සිංහලෙන්

කර්තෘ – නිමල් කුමාරවංශ
ප්‍රකාශකයෝ – සරසවි ඇඩ්වර්ටයිසිං

සිංහලයෙන් හින්දි භාෂාව ඉගැන්වීම සඳහා ලියවුණු ග්‍රන්ථයකි. දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන්ටත්, හින්දි භාෂාව හදාරන සිසුන්ටත්, එම කෘතිය වැදගත් වෙයි. ඉන්දියාව තුළ භාවිත වන පංජාබ්, වංග, තෙළිඟු, වැනි භාෂා කිහිපයක් ම මෙම ග්‍රන්ථයේ සිංහලයෙන් ලියා ඇති බව කතුවරයා කියයි.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]