Print this Article


සම්බුදු තෙමගුල සමරා පින්කම්

සම්බුදු තෙමගුල සමරා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ වෙසක් පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 - 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 පෙරවරු ධර්මදේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොලොන්නාව ටෙරස් ද සිල්වා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 - 2.00 සීල භාවනා සමිතිය, 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 පස්වරු ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 4.00 - 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 - 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණී උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 7.00 - 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව කොලොන්නාව පුරාණ විහාරවාසී, කොලොන්නාව ටෙරස් ද සිල්වා, මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි.

****

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ දී වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පසළොස්වක පොහෝ දින පෙරවරු. 6.00 සිට පස්වරු 6.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. එම ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී මොරගොල්ලේ සිරිරතන හිමියෝ සංවිධානය කරති.

පෝදා පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, අක්මීමන ධම්මපාල හිමි,9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය තිඹිරියාගම බණ්ඩාර මහතා, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 1.00 ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී මිද්දෙණියේ ධම්මික හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය කථිකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී කරපික්කඩ සෝභිත හිමි, ශාස්ත්‍රපති, ඊ.එම්. ධර්මවර්ධන මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 සිල් පවාරණය.

****

කළුතර බෝධිය

“වෙසක්” පොහෝ දින කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය. පෙරවරු 06.15-07.15 සිල් සමාදන්කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි 07.30-09.45 ධර්මදේශනාව / භාවනාව මැල්සිරිපුර ධම්මකුසල හිමි, 10.00-11.00 ධර්ම දේශනාව මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පස්වරු 01.00-02.45 ගිහි දේශනාව මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ මහතා , 03.00-04.30 ධර්ම දේශනාව අක්මීමන ධම්මපාල හිමි 04.45-06.00 ධර්ම දේශනාව , සිල් පවාරණය හා අලුත් කිරීම කහගොල්ලේ සෝමවංශ හිමි 06.15-07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 7.10-08..30 ධර්ම දේශනාව – ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වෙසක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

බියගම පුණ්‍යවර්ධනාරාමය

බියගම පුණ්‍යවර්ධනාරාමයේ වෙසක් පින්කම් රැසක් විහාරාධිපති කෝරළේගම පියදස්සී හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදුව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී වෙසක් පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථදායක සභාව. ප්‍රජාපතී කුළඟණ සමිතිය හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේද, සංවිධානයෙන් පැවැත්වේ. පෝදා අලුයම 5.00 කිරි ආහාර පූජාකිරීම, උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව සීදුවේ සුමනවංස නාහිමි 6.45 ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව 8.00-9.00 ධර්ම දේශනාව , නැදගමුවේ සෝම හිමි. 9.00-10.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම – කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්.ඉන්ද්‍රසේකර, ධර්මාචාර්ය අනුර සිරිමාන්න, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර , ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද යන මහත්වරු ඇතුළු වියතුන් සහභාගි වෙති. 10.45 බුද්ධ පූජා පූජාව , පස්වරු 12.00 -12.30 සක්මන් භාවනාව 12.30 – 1.00 ජාතක ධර්ම දේශනාව, හීල්ලේ රතනාලෝක හිමි. 1.00-1.45 භාවනාව, මොණරාගල සෝමසාර හිමි, 2.00-3.00 ධර්ම දේශනාව , ශාස්ත්‍රවේදී බැන්ඩියමුල්ලේ සුසිල හිමි, 3.15-4.15 බෞද්ධ කථාව . 4.15- 5.15 ධර්ම දේශනාව වලස්මුල්ලේ අරියවංස හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව ,පහන් පූජාව හා බෝධි පූජා පින්කම .

****

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30-6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, ශී‍්‍ර සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00-9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඥානදීප හිමි. 09.15-10.15 ධර්ම දේශනාව කන්දකුඹුරේ රාධ හිමි, 10.30-11.00 ව්‍යාංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි,

පස්වරු 12.30-02.00 ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00-03.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව නෙළුවාකන්දේ ඥානානන්ද හිමි, 4.30-5.30 ධර්ම දේශනාව රදාවඩුන්නේ ඥානවිමල හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය ගම්පහ මහානාම හිමි

 

****

හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ වෙසක් පින්කම් මාලාව මැයි 17 දා සිට මැයි 25 දක්වා පැවැත්වේ. සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහරද 6.30 -7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්කරවීම. සම්බුද්ධ පූජාව දම්පහළ ඤානරතන නාහිමි. 8.30-9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි. 10.00-10.45 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව පස්වරු 12.30-3.00 ගිහි දේශනය සහ භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 3.15-4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි. 4.00-5.00 මහාසමය සූත්‍රය දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා , 5.00 සිල් පවාරණය සිදු කිරීම 6.30-7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධිපූජාව දම්පහළ ඤාණරතන නාහිමි. ‘බුදුසරණ – පුවත්පත’ ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය මොරටුව , කටුබැද්ද පදිංචි සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

****

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී වෙසක් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදුකෙරේ.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ වෙසක් පුන් පොහෝදින ශීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 05.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00-9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.00-9.30 භාවනාව 9.30-10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15-1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව 1.00-2.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි 2.00-3.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි 3.30- 5.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමින් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු පූජාව

****

මාකන්දන සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ දී වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පින්කම් මාලාවක් පැවැත්වේ. වෙසක් පොහෝ දින පෙරවරු 05.00 ට කිරි ආහාර බුද්ධ පූජාව 06.00 ට සීල භාවනා වැඩසටහන ආරම්භ වේ.

එම සීල භාවනා වැඩසටහනට කිංචිගුණේ චන්දවිමල, මිරිස්වත්තේ ඉන්දසිරි, ලුණුගම්වෙහෙරේ විමලානන්ද, දේවහූවේ චන්දිම යන හිමිවරුන් සහ පිළියන්දල සංඛපාලි මෑණියන්ගේ ධර්මදේශනා ඇතුළත් වේ. සවස 6.30 ට අෂ්ඨපාන සහිත ගිලන්පස පූජාව පැවැත්වේ. සංකල්ප ධර්ම විද්‍යාලයේ දූදරුවන් සංවිධානය කරන දර්ශනීය වෙසක් පහන් කූඩුව රාත්‍රී 7.00 ට ප්‍රදර්ශනය කෙරේ. එම පහන් කූඩුව දින පහක් පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මීට සමගාමීව පින්කම් මාලාව 19/20/21/22/23 දක්වා පුරා දින පහක් පැවැත්වෙන අතර එම දින්යන්හි සවස 6.30 ට ගිලන්පස පූජාවන් සහ විවිධ පින්කම් පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව /සංකල්ප කුලඟන සමිතිය / සංකල්ප දහම්පාසල සංකල්ප යෞවන සමාජය / ඉ 20 සංවිධානය මෙම පින්කම් මාලාව සංවිධානය කරයි.

****

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00-7.00 සිල් සමාදානය 7.00-7.30 තෙරුවන් වන්දනාව ,8.15-10.00 භාවනාව , 10.00-11.00 ධර්ම දේශනය 11.00-11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩ සටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00-2.00 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 2-2.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත මඩවල ධම්මික ජිනවංස හිමි 4.00-5.00 ධර්ම දේශනය තලල්ලේ චන්දකිත්ති හිමි රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව