Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වත්තල, ඇවරිවත්ත පාරේ නො.201/09 අංක දරණ නිවසෙහි පදිංචි ආර්.ඒ.රුවන් නිශාන්ත පෙරේරා මහතා 48 වියැති දෙදරු පියෙකි. ඔහු කලක සිට දරුණු වකුගඩු ආබාධයකින් පීඩා විඳින අතර මේ වන විට ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම ඉතා හදිසි බව මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය එස්.මාතු මහතා නිර්දේශ කර ඇති බව කියයි. දැනට දින දෙකකට වතාවක් රුධිර කාන්දු පෙරීම සිදු කරන අතර, එක් අවස්ථාවක් හැර එක් අවස්ථාවක් වත්තල පෞද්ගලික රෝහලෙන් කළ යුතුව ඇති බවත් එක් වතාවකට රු.8000/- ක මුදලක් වැය කිරීමට ඊට සිදුව ඇති බවත් කියයි. වකුගඩු බද්ධය සඳහා රු. 1900,000/ ක් ඇස්තමේන්තු කර ඇත. ඔහුගේ බිරිඳ ද වකුගඩු රෝගයක් හේතුවෙන් 2015 වර්ෂයේ දි වකුගඩු බද්ධයක් සිදු කර ඇති බවද කියයි.. ඇයට ද දැනට ප්‍රතිකාර සඳහා වැඩි මුදලක් වැය කළ යුතුව ඇති බවත් කියයි. ඔහුගේ දරු දෙදෙනා වයස අවුරුදු 22 හා 21 වියැති ඔවුන් දෙදෙනා ද වකුගඩු රෝගීන් වන අතර ප්‍රතිකාර සඳහා මසකට සැලකිය යුතු මුදලක් වැය වන බව කියයි. පවුලේ එකම ආදායම් මාර්ගය වූ රුවන් නිශාන්ත මහතාගේ රැකියාව නතරවීම හේතුවෙන් දැඩි පීඩනයකට පත්ව ඇති බවත් කියයි.

ඔහුගේ රුධිර ඝනය බී පොසිටිව් බැවින් බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ රුධිර ඝනයක් ඇති පරිත්‍යාගශීලියෙකු සිටීනම් ඒ පිළිබඳව 077 8320917 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. එම පවුල පත්ව ඇති අසීරු තත්වයට යම් කිසි දායකත්වයක් දැරීමට හැකියාවක් තිබේ නම් ආර්.ඒ.ආර්.එන්. පෙරේරා නමින් කොමර්ෂල් බැංකුව නගර ශාඛාවේ ආරම්භ කර ඇති 8020009211 දරණ ගිණුම් අංකය වෙත බැර කිරීමෙන් මහඟු පුණ්‍යකර්මයකට මඟපාදාගත හැකි බවද සිහිපත් කෙරේ.


ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් මැදිවිය තිදරු පියෙකුට ඉතා ඉක්මනින් බද්ධ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාග කිරීමට හැකි කෙනෙකු 0779490047,0775776314 හැකි ඉක්මනින් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.